
සේවක භාරකාර අරමුදලෙන් ඉල්ලා ඇති මුදල් ගෙවීමේ ක්‍රම
සාමාන්‍ය ක්‍රමය
වාර්තා ලැබී තිබීම සහ අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කිරීම යන කරැණුවලට යටත්ව වැඩකරන දින 21ක් ඇතුළත ඉල්ලා ඇති මුදල් ගෙවීම් කරනු ලැබේ.
විශේෂ ක්‍රමය
හදිසි කරැණක් උදාහරණ වශයෙන් වෙනත් රටකට යාම, අසනීප විම /සැත්කමක් සිදු කිරීම, උගස් භාණ්ඩ බේරාගැනීම, මංගල උත්සව, අධ්‍යාපනය සඳහා වියදම් ආදිය වැනි පවුලේ වියදම් තහවුරැ කෙරෙන ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමේ කරැණට යටත්ව වැඩකරන දින 14ක් ඇතුලත ඉල්ලා ඇති මුදල් ගෙවීම් කරනු ලැබේ.
ඉල්ලා ඇති මුදල් කඩිනමින් ගෙවීමේ ක්‍රමය
ඉල්ලා ඇති මුදල් වැඩ කරන දින දෙකක් ඇතුළත ගෙවනු ලැබේ. අදාල ඉල්ලුම්පත් භාර ගැනීමට පෙර දායක මුදල් සහ අදාල වාර්තා මණ්ඩලය වෙත ලැබී තිබෙන බවට සහතික වශයෙන් දැනගත යුතුය. ඉල්ලුම් කරන මුදලේ වටිනාකම අනුව එක් එක් මුදල් ප්‍රමාණය සඳහා රාජකාරිමය වශයෙන් සේවා ගාස්තුවක් අයකරනු ලැබේ.
ඉල්ලුම්කරන මුදලේ වටිනාකම |
ගාස්තුව |
රු. 2000,000.00 දක්වා |
රු. 1,000.00 |
රු. 2000,000.00 සිට රු. 1,000,000.00 දක්වා |
රු. 2,000.00 |
රු. 1,000,000.00 ට වැඩි |
රු. 3,000.00 |
මෙම පදනම මත භාරගනු ලබන ඉල්ලුම්පත් ප්‍රමාණය දිනකට ඉල්ලුම්පත් 65 කට සීමා කෙරේ.
මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් මණ්ඩලයේ පහත සඳහන් කාර්යාල වලදී භාරගෙන ඒ පිළිබඳව අදාල කටයුතු කරනු ලැබේ.
ප්‍රධාන කාර්යාලය, කම්කරු ලේකම් කාර්යාලය, නාරාහේන්පිට, කොළඹ 05.
ප්‍රාදේශීය කාර්යාල – ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ මාතර පිහිටි .
කෙසේ වුවුද මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් මණ්ඩලයේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල වෙතද භාරදිය හැකිය.
වැඩබිම
සබැඳි ලිපි:
ETF මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය උපදෙස්
ETF අරමුදල් ආපසු ලබා ගැනීමට නිසි වයසක් අවශ්‍ය නොවේ
ETF අරමුදලේ හිමිකම් පෑමේ ඉල්ලුම් පත්‍රවල තත්ත්වය SMS හරහා