සේවක අයිතීන් ඉල්ලා විරෝධය පෑම මාලදිවයිනෙන් පිටුවහල් වීමට පාර කපයි!

මාලදිවයිනේ සුඛෝපභෝගී හෝටල් වල සේවය කරන දහස් ගණන් සංක්‍රමණික සේවකයින් පවසා සිටිනුයේ, ඔවුන්ට එල්ල වන හිංසනය හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව සැලසුම් කර තිබු විරෝධතා සමග ඉදිරියට යනවා නම් ඔවුන්ට එරට අතහැර යාමට සිදුවන බවයි.

මෙම විරෝධතාව සැලසුම් කර ඇත්තේ සංක්‍රමණික සේවකයන්ට සිදු වූ පහරදීම් හේතුවෙනි.

පසුගිය සතිය තුළ පහරදීම් හේතුවෙන් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මාලදිවයින් ආගමන විගමන පාලක මොහොමඩ් අන්වර් පවසන්නේ, රැකියා බලපත්‍රයට එරෙහිව යන සංක්‍රමණික සේවකයින්ගේ වීසා පුර්ව දැනුම් දීමකින් තොරව අවලංගු කරන බවයි.

එමෙන්ම ඔවුන්ට දඬුවම් දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුබට නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මාලදිවයින් ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ, මෙවැනි විරෝධතාවක් සැලසුම් කිරීම ඔවුන්ගේ ආර්ථිකයට යහපත් නොවන බවයි.

පසුගිය වසරේ සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වී ඇති පරිදි 58,683ක් වන මුළු සංක්‍රමණික සේවක සංඛ්‍යාවෙන් හතරෙන් තුනකට වඩා සුඛෝපභෝගී හෝටල් වල සේවය කරන බවයි.

පසුගිය වසර තුළ මාලදිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනයකට වැඩි ය.

එක්සත් ජනපද වාර්තාවේ දැක්වෙන පරිදි ලේඛනගත සහ ලේඛනගත නොවන සංක්‍රමණික මුළු සේවක සංඛ්‍යාව 200,000ක් පමණ ඉහල අගයක් වන බවයි.

“වත්මන් සංක්‍රමණික ශ්‍රම බලකාය ආර්ථිකයට ඉතා වැදගත් වන නමුත්, දැන් ඔවුන් මුහුණ දී සිටින තත්වය ඉතාමත් කනගාටුදායකයි. අපි කතාකරන්නේ සාමකාමී උද්ඝෝෂණයක් පිළිබඳව. අපිට ඒක කරන්න පුර්ණ අයිතිය තියෙනවා. ආරක්ෂාව කියන එක හැමෝටම පොදු අයිතියක්” යයි මාලදිවයින් සංචාරක සේවක සංගමයේ මාරුෆ් සාකි මහතා පවසා තිබේ.

මාලදිවයින් මානව හිමිකම් කොමිසමේ උප සභාපති අහමඩ් තොලාල් මහතා පවසන්නේ, රටේ ව්‍යවස්ථාව අනුව ඕනෑම කෙනෙකුට ආරක්ෂාව වෙනුවෙන් විරෝධතා පළ කිරීමට අයිතිය ඇති බවයි.

එමෙන්ම ගිවිසුමේ සඳහන් වගන්තියට ආණ්ඩුක්‍රමය අභිබවා යා නොහැකි බව ද හෙතෙම පැවසිය.

මුලාශ්‍රය: theguardian.com

වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435