සුදුස්‌සාට විගණකාධිපති තනතුර නොලැබීම ගැන අප්‍රසාදය

නව විගණකාධිපති ලෙස පත්වීම් ලැබීමට සිටි සුදුසුම නිලධාරියා වෙනුවට දේශපාලන අවශ්‍යතා මත වෙනත් අයකු විගණකාධිපති ලෙස පත් කර ඇතැයි රජයේ විගණන නිලධාරීහු පවසති. අතිරේක විගණකාධිපති ලෙස මාස 19 ක්‌ කටයුතු කළ චූලා වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත් කළ යුතුව තිබුණ ද ඊට වඩා පළපුරුද්දෙන් අඩු නිලධාරියකු විගණකාධිපති ලෙස පත් කිරීම දැඩි කතාබහට ලක්‌වී තිබේ.

මෙම පත් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි වුවද සුදුසුකම් සපිරි, පළපුරුදු නිලධාරියා එම තනතුරට පත් නොකිරීම එහි විගණන නිලධාරීන්ගේ මෙන්ම අනෙකුත් සේවකයන්ගේ නොසතුටට හේතු වී තිබේ.

පසුගිය රජය සිය හිතවතුන්ට දේශපාලන අවශ්‍යතා හා සැලකිල්ල මත තනතුරු ලබාදුන් පරිදිම නව යහපාලන රජයද කටයුතු කිරීම පිළිබඳව විගණන නිලධාරීහු කනස්‌සල්ල පළ කර සිටිති.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435