සිරුර සහ උපද්‍රව සිතියම්ගත කිරීම Body Mapping

16 ජුනි 2014 – archive.wedabima.lk

 

පසුබිම

 

වැඩ කිරීම නිසා තුවාල සිදුවීම සහ රෝග හට ගැනීම, වැඩ කාර්යාවලියේ පිරි  සැලැස්ම, ද්‍රව්‍ය භාවිතය සහ වැඩ සංවිධානය ඇතුලූ සාධක ගණනාවක් හේතුකොට ගෙන සිදුවේ.  වෘතිය සමිති, වැඩ හා සම්බන්ධිත සිද්ධීන්, තුවාල සිදුවීම් සහ රෝග පිළිබඳව අඛණ්ඩව උනන්දුවක් දක්වයි.

 

කම්කරුවන් මුහුණ පා සිටින උපද්‍රව බොහොමයක් සුපැහැදිලි අතර කම්කරුවන් කෙරෙහි පවත්නා සෞඛ්‍යය සහ ආරක්‍ෂක තත්ත්වය ක්‍ෂණික විය හැකිය. එසේම සාමාජිකයන් මුහුණ පාන සැඟවුණු උපද්‍රව රාශියක් ද තිබේ. මේවා හඳුනා ගැනීම දුෂ්කර විය හැකි අතර මේවා කම්කරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ප‍්‍රතිඵල  ගෙනදිය හැකිය.

 

සෞඛ්‍ය සහ ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාකාරීන්ට, සෞඛ්‍ය සහ ආරක්‍ෂක උපක‍්‍රම හෝ ප‍්‍රශ්න හඳුනා ගැනීමට කම්කරුවන් සම්බන්ධ කරවිය හැකි එක විධියක් වන්නේ, සිරුර සිතියම්ගත කිරීම සහ උපද්‍රව සිතියම්ගත කිරීම යනුවෙන් හැඳින්වෙන ශිල්පීය ක‍්‍රම යොදා ගැනීමයි. මෙම ක‍්‍රමය කම්කරු කණ්ඩායමක කම්කරුවන්ට, ඔවුන්ගේ වැඩ පොළේ තිබෙන සෞඛ්‍ය සහ ආරක්‍ෂක ප‍්‍රශ්න සහ කටයුතු ද, යම් අහිතකර ප‍්‍රතිඵල හා ඒවා  හඳුනා ගැනීමට ඉඩ සලසයි.

 

සිතියම්ගත කිරීමේ කාර්යාවලිය, කම්කරුවන්ට සිය වැඩපොළ පිළිබඳ තොරතුරු රැස්කර ගැනීමට ඉඩ සලසයි. එවිට ප‍්‍රතිඵල  ලේඛණගත කරනු ලබන අතර, මෙයින් තමන්ට වැදගත් වන්නේ කුමක්දැයි තීරණය කිරිමට කම්කරුවන්ට ඉඩ සැලසේ. එවිට කම්කරු කණ්ඩායමට, හඳුනාගෙන ඇති දෙය පිළිබඳව සාකච්ඡා පවත්වා තත්වය වැඩි දියුණු කිරිමට තීරණය කළ හැකිය. මේවා අදියර කීපයකින් ක‍්‍රියාවට නැංවීමට සිදුවිය හැකිය.

 

සිරුර සිතියම්ගත කිරිම – එය සිදුකරන ආකාරය

 

හැඳින්වීම

 

සෞඛ්‍ය සහ ආරක්‍ෂාව පිළිබඳව ක‍්‍රියාකාරීන්ට වැඩපොළේ යම් දෙයක් වැරදි සහගතවන අවස්ථාවලදී පහසුවෙන් හඳුනාගත හැකිය. එහෙත් වැඩ කිරීම මගින් සහචර කම්කරුවන්ගේ ශරීරවලට සිදුවන පීඩාව සොයා ගැනීම ඉතාමත්ම දුෂ්කරය. අපි සාමාන්‍යයෙන් අපේ සෞඛ්‍ය ගැන කතා නොකරමු. සමහර අය කැක්කුම් සහ වේදනා සිදුවීමට හේතුව වැඩ කිරීම බව අවබෝධකර නොගෙන (හෝ පිළිගැනීමට අකමැතිව, ඒවා වයස්ගතවී මේම අංගයක්) ගණන් නොගනිති.

 

සිරුර සිතියම්ගත කිරීම

 

මෙය මැඩ පැවැත්වීමේ සහ කිසියම් වැඩ පොළක එකම රැකියාවෙහි යෙදී සිටින කම්කරුවන් අතර පවත්නා සෞඛ්‍ය ප‍්‍රශ්න පිළිබඳ පොදු රටාව හඳුනා ගැනීමේ මාර්ගයකි. එවැනි යම් පොදු ලෙඩ රෝග කිසිවක් වැඩ කිරීම හා සම්බන්ධයයි ස්ථිර වශයෙන් කිව නොහැකි අතර, වැඩිදුර විමර්ශනය කළයුතු කරුණු කවරේදැයි එයින් පෙන්නුම් කෙරේ.

 

සිරුර සිතියම්ගත කිරීම වසර ගණනාවක් තිස්සේ ඉගැන්වීමේ සහ සංවිධානය කිරීමේ උපකරණයක් ලෙස යොදාගෙන ඇත. සෞඛ්‍ය සහ ආරක්‍ෂක ක්‍ෂෙත‍්‍රයෙහි එය යොදා ගැනීම වැඩි වර්ධනය වෙමින් පවතී. සිතියම්ගත කිරීමේ කාර්ය සාධකත්වය පහත සඳහන් කරුණු මත රඳා පවතී.

 

 

  • එය කම්කරුවන්ට සම්බන්ධිතය, එසේම එය තමන් හුදෙකලා වී නැති බව ඔවුන්ට පෙන්නුම් කරයි
  • එය මිනිසුන් තමන්ගේ වැඩපොළ ගැන අලූත් ආකාරයකින් සිතන්නට යොමු කරවයි
  • එය ප‍්‍රශ්න හඳුනා ගැනීමට උපකාර කිරිම සඳහා දෘශ්‍ය රූප යොදා ගනී
  • එය කියවීම හෝ ලිවීම පිළිබඳ දැඩි දක්‍ෂතාවල අවශ්‍යතාව දුරලන රූප, වර්ණ සංකේත, ස්ටිකර් සහ සංකේත යොදා ගනියි

 

සිරුර සිතියම් කරන අභ්‍යාසයක දී සමහර අයට ඔවුන් සාකච්ඡා කරන තොරතුරු ස්වරූපයෙන් තරමක් දුරට පෞද්ගලික බව පෙනී යන්නට පුළුවන. කණ්ඩායම සමග සාකච්ඡා කරන්නට උවමණා ප‍්‍රමාණය ඒ ඒ තැනැත්තා සතු  බව ආරම්භයේ ම කියා සිටීම වැදගත්ය.

 

සහභාගීවීම හුදෙක් ස්වේච්ඡාමය කරුණකි.

 

මෙවන් රහස්‍ය තොරතුරු රැස්කර ගන්නා අවස්ථාවල දී රහස්‍යභාවය යන ප‍්‍රශ්නය සැලකිල්ලට භාජන කළ යුතුය. නිපදවනු ලබන සිතියම්, සාමාජිකයන් මුහුණ පා සිටින සෞඛ්‍ය සහ ආරක්‍ෂක ගැටලූ කවරේදැයි පෙන්වීමට යොදා ගත හැකිය. එම නිසා වෙනත් යම් හැඳින්වෙන්නන්ගේ නම් සහභාගීවන කම්කරුවන් ආරක්‍ෂා කිරීම පිණිස සිතියම්වල නොයෙදිය යුතුය.

 

එකට වැඩ කිරීම

 

සිරුර සිතියම් කිරීම පිළිබඳව කිසිදු දුෂ්කරතාවක් නොමැත. ඔබ පටන් ගන්නේ සිරුරේ ඉදිරිපස සහ පසුපස කටු සටහනක් ඇඳීමෙනි. සිරුර සිතියම්ගත කිරිම සඳහා සංකීර්ණ ද්‍රව්‍ය අවශ්‍ය නැත. ශරීරයේ ඉතා දළ කටු සටහනක් සහිත  ඕනෑම විශාල කඩදාසියක් ප‍්‍රමාණවත්ය.  ඕනෑම පෑන් වර්ගයක් හෝ මාකර් පෑන් වර්ගයක් ප‍්‍රමාණවත්ය. ඉන්පසු තමන්ට තිබෙන යම් යම් රෝග ලක්‍ෂණ දැක්වීමට ස්ටිකර් හෝ වර්ණ සළකුණක් යොදන්නැයි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

 

වැදගත් වන්නේ එය සිදුකරවීමය. එය සාමුහික ප‍්‍රයත්නයකි. එසේ නොමැතිව එය කොතරම් චමත්කාර ද  යන්න නොවේ.

  • රතු – කැක්කුම් හා වේදනා
  • නිල් – කැපුම් සහ තැල්ම
  • කොළ – රෝග
  • කළු – වෙනත් යම් යම් දේ

 

ඔබට දැන් තිබෙන හෝ වැඩ කිරීම පටන්ගත් අවස්ථාවේ සිට තිබුණා වූ  ඕනෑම සෞඛ්‍ය ප‍්‍රශ්න හෝ තුවාලවීම් සඳහා ලොකු තිත් තැබිය හැකිය. මේවාට ඔබේ වැඩ කිරීම නිසා සිදුවෙතැයි හෝ ඔබ වැඩ කිරිම බලපැන්නේ යයි ඔබ විශ්වාස කරන කැක්කුම් සහ වේදනා, කලක් පැවති රෝග, තුවාල සිදුවීම් හෝ රෝග ලක්‍ෂණ ඇතුළත් විය යුතුය. ඔබට මානසික ආතතිය, නිදා ගැනීමේ දුෂ්කරතා, කාංසාව හෝ තෙහෙට්ටුව වැනි සමාජමය ප‍්‍රශ්න, හිසට උඩින් රවුමක් යොදා එහි ලිවිය හැකිය. ඔබට ලොකු තිත් මගින් ඔබගේ ගැටලූ හෝ ප‍්‍රශ්න පෙන්විය නොහැකි නම්, නිදර්ශනයක් වශයෙන් අවිනිශ්චිත වේදනාවක් හෝ ශරීරයේ විශාල කොටසක පැතිරුණ කුෂ්ඨයක් වෙතොත්, මාකරයකින් ලොකු රවුමක් ඇඳිය හැකිය.

 

එකම ප‍්‍රදේශයේ වැඩ කරන හෝ එකම කාර්යයන්හී නියැලී සිටින සාමාජිකයන්ගේ එකිනෙකට වෙනස් රෝග ලක්‍ෂණ සංසන්දනය කිරීම මගින් ඔබට පොදු තේමා හඳුනාගත හැකිය.

 

රෝග ලක්‍ෂණවල ශක්‍ය හේතු

 

ඔබ විසින් රෝග ලක්‍ෂණ සොයාගනු ලැබූ විට ඔබ විසින් කළ යුත්තේ ශක්‍ය හේතු කවරේදැයි බැලීමය. මේවා වැඩ කිරීම හා සම්බන්ධ නැතිවිය හැකි බව මතක තබා ගන්න. එකම රෝග ලක්‍ෂණ සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් විසින් වාර්තා කරනු ලැබුවහොත් වැඩ කිරීම හෝ වැඩ කිරීමේ පරිසරය ඊට හේතු සාධකයක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

 

මෙහි පහත දැක්වෙන චක‍්‍රයෙන් පොදු පැමිණිලි සඳහා යම් ශක්‍ය පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරේ

Chart 1

Chart 2

Chart 3

 

මෙය සිදුවිය හැකි බවට තෝරාගත් රෝග ලක්‍ෂණ සහ හේතු කීපයක් පමණි. ඔබගේ සහචරයන්ට තව බොහෝ දෑ හඳුනා ගැනීමට හැකිය.

 

ඊළඟ පියවර

 

සිතියම්ගත කිරීමේ අභ්‍යාසයේ ඊළඟ පියවරට, ලොකු තිත්වලින් හැඳින්වෙන සෞඛ්‍ය ප‍්‍රශ්න පුද්ගලයන් විසින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ එම සෞඛ්‍ය ප‍්‍රශ්නවලට තුඩු දෙන්නට ඇතැයි සිතන හේතු ගැන සාකච්ඡා කිරීම ඇතුළත් වේ. කටු සටහනේ පැත්තකින් කෙටි සටහන් ද යෙදිය හැකිය. මෙම තොරතුරු සහ සොයා ගැනීම් පිළිබඳව කම්කරුවන් සමග සාකච්ඡා කරනු ලබන අතර, හඳුනාගත් ප‍්‍රශ්න පිළිබඳ ඔබ විසින් වාර්තාවක් තබා ගැනීම වැදගත්ය.

 

උපද්‍රව සිතියම්ගත කිරීම – එය ක‍්‍රියා කරන ආකාරය

 

BODY MAPPING AND HAZARD MAPPING

සහභාගී වන්නන්ට ඔවුන්ගේ වැඩපොළ සහ පවත්නා උපද්‍රව සිතින් දැක ගැනීමට උපද්‍රව සිතියම්ගත කිරීම උපකාරී වේ. එයින් ඔවුන්ට, අධීක්‍ෂකවරයෙකුට, සේවා යෝජකයකුට, රජයේ පරීක්‍ෂකවරයෙකුට, සෞඛ්‍ය සහ ආරක්‍ෂක උපදේශකවරයකුට හෝ කම්කරු වන්දි  නියෝජිතවරයෙකුට, වෛද්‍යවරයකුට, වැඩපොළ ආරක්‍ෂක කමිටුවට හෝ සමිති නියෝජිතයකුට ඉදිරිපත් කළ හැකි ලියකියවිලි සැපයේ.

 

සිතියම්ගත කිරීමේ කාර්යාවලියට කම්කරු කණ්ඩායමේ සියලූම සාමාජිකයන්ගේ සහභාගීත්වය අවශ්‍යය. මෙම කාර්යාවලිය  ඕනෑම ස්ථානයක සිදුකළ හැකිය. අවශ්‍යවන එකම දෙය නම් ඔබගේ වැඩපොළේ වැඩිපුර කාමරයක් හෝ පෙදෙසක්ය. මේ සඳහා ඔබට විසිතුරු ද්‍රව්‍ය අවශ්‍ය නැත. අවශ්‍ය වන දෙය නම්, වර්ණ ස්ටිකර හෝ පෑන් කීපයක් සහ විශාල කඩදාසියකි.

 

ඔබ වැඩ කරන පෙදෙසේ දළ කටු සටහන් සිතියමක් කෙටුම්පත් කරන්න.

 

  • ඔබ වැඩ කරන ප‍්‍රදේශවල භෞතික සැලසුමක් අඳින්න.
  • කම්කරුවන් අඳින්න (මේවා මිනිසුන්ගේ දළ රූප විය හැකිය)
  • පවත්නා වූ යම් උපද්‍රව දෙපස ඒවා අඳින්න
  • උපද්‍රවවලට ලාංඡනයක් යොදන්න (උර රස්ණ මතුපිට, අනාරක්‍ෂිත යන්ත‍්‍රය යනාදි වශයෙනි)

 

එය මුළුමනින්ම නිවැරදි විය යුතු නැත. එහෙත් කම්කරු කණ්ඩායමේ සාමාජිකයන්ට නිසි ලෙස පාවිච්චි කිරීමට හැකිවන තරමට විශාල විය යුතුය. සිතියමට පහත සඳහන් දෑ ඇතුළත් කළ හැකිය.

 

යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ, ෆෝක් ලිෆ්ට්, පරිගණක, සේවා ස්ථාන, ඩෙස්ක්, පුටු, ඉඩතීරුමං, ගමන්මං, ජනේල ගිනි නිවනයන්, පිටවන දොරවල්, සහ පවත්නා වෙනත් උපද්‍රව

 

උපද්‍රවයන් පහත සඳහන් වර්ණවලින් දැක්වීම ප‍්‍රයෝජනවත් විය හැකිය.

 

  • නිල් – ජීව විද්‍යාත්මක (විෂ බීජ, අච්චු, සතුන් යනාදිය)
  • කොළ – රසායනික (දුවිලි, දුම, ද්‍රාවණ යනාදියට
  • රතු – භෞතික (ශබ්දය, කම්පනය, විකිරණය යනාදිය
  • කළු – සමාජමය(වැඩ කිරීමේ වේගය, ආතතිය, හිරිහැර, වැඩමුර යනාදිය)
  • දුඹුරු – වැඩ සැලසුම් උපද්‍රව (කාර්යක්‍ෂමතා අධ්‍යයනය යනාදිය)

 

සිතියම්, දිවා භෝජන කාමරයෙහි තැබිය හැකිය. එවිට සාමාජිකයන්ට ඒවාට වැඩිදුරටත් තොරතුරු එකතු කළ හැකිය. හඳුනාගෙන ඇති විසඳිය යුතු ප‍්‍රහ්න හෝ ප‍්‍රශ්න තිබෙන බවටත් ඒවා විසඳිය යුතු බවටත් එය මතක් කිරීමක් වන්නේය.

 

උපද්‍රව සිතියම්ගත කිරීමේ විශාල වාසිය නම්, සංඛ්‍යා පිළිබඳ පැටලිලි සහිත විග‍්‍රහයක් කිරීමට අවශ්‍යතාවක් නොවීමට ඔබට සංඛ්‍යාත්මක චක‍්‍ර ලෙස බැලීමෙන් ලැබෙනවාට වඩා දෘෂ්‍යමාන චිත‍්‍රයක් දැක ගන්නට ලැබීමය. එය කම්කරු කණ්ඩායමකට තිබෙන සෞඛ්‍ය ප‍්‍රශ්න සොයා ගැනීමේ සරල මාර්ගයක් වන අතර ඒවා ඔවුන්ගේ රැකියාවට අදාළදැයි දැක ගැනීමට දරන උත්සාහයක් වන්නේය. විසඳුමක හිමිකාරත්වය කම්කරුවන්ට ලබාගැනීමට එයින් ඉඩ සැලසෙන්නේය.

 

ප‍්‍රජාව සිතියම්ගත කිරීම – එය සිදුවන ආකාරය

සිරුර සිතියම්ගත කිරිම සහ උපද්‍රව සිතියම්ගත කිරීම මගින් වැඩ කිරීම නිසා සිදුවන උපක‍්‍රව, රෝග තුවාලවීම් හඳුනා ගැනේ. ප‍්‍රජා සිතියමකින් සිදු කෙරෙනුයේ, මෙය තව පියවරක් ඉදිරියට ගෙන ගොස්, වැඩ පොළින් බාහිරව පවත්නා අපග් ජීවිතයට වැඩ කිරීම හා සම්බන්ධිත ලෙස රෝග සහ තුවාල සිදුවීම් බලපාන්නේ කෙසේදැයි බැලීමය. නිදර්ශනයක් හැටියට, වැඩ කිරීමෙන් ඇතිවන මානසික ආතතිය ඔබ වහා කිපෙන සුළු තත්වයකට පත්කොට ඔබගේ පවුලේ සම්බන්ධතාවන්ට පීඩාවක් ඇති කරයි. එසේ නැතහොත් ඔබගේ මැණික් කටුවට ඇඳීමෙන් සිදුවූ හානිය ඔබව ඔබගේ ගෙදර දොර වැඩවලින් වළකාලයි.

මෙම අභ්‍යාසය වැදගත් වන්නේ, නැවත වරක් එය කම්කරුවන් සම්බන්ධ කරගෙන විසඳිය යුතු ප‍්‍රශ්න දැක ගන්නට සැලැස්වීම නිසාය. මෙහිලා ඉතාමත් වැදගත් කරුණ නම් එයින් වැඩ සම්බන්ධිත රෝග සහ තුවාල සිදුවීම් අපගේ ජීවිතයේ ක‍්‍රියාකාකරම් හා සම්බන්්ධ කිරීමට අපට හැකිවීමය. මෙයින් අපගේ ජීවිත තත්ත්වයන්ට වැඩ කිරීම බලපාන අන්දම හඳුනා ගැනීමට හැකිවන අතර වැඩ කිරීම නිසා සිදුවන්නේ යයි කලින් නොසිතූ දේ හඳුනා ගැනීමට එය උපකාර වේ. අපගේ ජීවිතවලදී වැඩ කිරීම කොතරම් වැදගත්දැයි කිවහොත් වැඩ මුරයක අවසානයේ දී අප වැඩ අවසන් කළවිට අපට ත්‍රුා්ගය තුවාල සහ වේදනාව නිසා ඇවිදගෙන යාමටවත් නුපුළුවන.

ප‍්‍රජාව සිතියම්ගත කිරිම බොහෝ සෙයින් කාර්ය සාදක වන්නේ කම්කරු කණ්ඩායමක සියලූම සාමාජිකයන් සහභාගී වූ විටය. සිරුර සිතියම්ගත කිරීමේ දී හමුවන ප‍්‍රශ්නයන්ගෙන් බොහෝමයක් ඊට ද සමබන්ධිතය. මෙම අභ්‍යාසයෙන් පැන නගින තොරතුරු පෞද්ගලික ස්වභාවයකින් යුක්ත විය හැකි අතර සිය සහභාගීත්වය ස්වේච්ඡාවෙන් සිදුවන බවත්, රහස්‍යතාව සුරැකෙන බවත් සහභාගී වන්නන් දැනගත යුතුය. සිරුර සිතියම්ගත කිරීමේ අභ්‍යාසයේදී මෙන්ම නම් හෝ හඳුනා ගැනීමට තුඩුදෙන වෙනත් කරුණු, සහභාගී වන්නන්ගේ ආරක්‍ෂාව සඳහා, නොයෙදිය යුතුය.

ඔබට මැදයම් පුද්ගලයෙකුගේ කටු සටහනක් (හෝ ස්ටිකර රූපයක්) සහිත විශාල කඩදාසියක් අවශ්‍ය වේ. මෙයින් නියෝජනය වන්නේ කම්කරුවන් සිතියම වෙත පැමිණ තමන්ගේ බාහිර ජීවිත කෙරෙහි වැඩ කිරීම බලපාන අයුරු එහි අඳින ලෙස සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

සහභාගී වන්නන් එම ඇඳීම්වලින් හෝ සංකේතවලින් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන්නේ නම් ඔවුන්ට මෙම අභ්‍යාසයෙන් විපුල ප‍්‍රයෝජන අත්වේ. පින්තූර විස්තරාත්මක හෝ විසිතුරු විය යුතු නොවේ. මෙහිලා අදහස වන්නේ වැඩපොලින් බැහැර ප‍්‍රශ්න සහ වැඩපොලේ වැඩ හා සම්බන්ධිත හේතු අතර පැහැදිලි සම්බන්ධතාවක් ඇති කිරීමය.

 

දැන් කළ යුතු දේ

 

සිතියම්ගත කිරීමේ අභ්‍යාස මාලාව තුළින් අපි, සෞඛ්‍ය ප‍්‍රශ්න, උපද්‍රව ගණනාවක් සහ ඒවා අප ජීවිතයට ඇතිකරන බලපෑම් හඳුනා ගනිමු.

 

සියලූම ප‍්‍රශ්න පිළිබඳ එකවරටම කටයුතු කිරීම දුෂ්කර විය හැකිය. එමනිසා අප කුමක් සම්බන්ධයෙන් පළමුවෙන් ක‍්‍රියා කළයුතුදැයි අප විසින් තීරණය කළ යුතුය. කවර ප‍්‍රශ්න සම්බන්ධයෙන් පළමුවෙන් ක‍්‍රියා කළ යුතුදැයි තීරණය කිරීමට උත්සාහ ගනිද්දී එම තීරණයන්ට එළඹීම සඳහා යම් යම් මාර්ගෝපදේශ උපකාරවත් වේ. මේ ප‍්‍රශ්න අසන්න.

 

  • මෙය කම්කරුවන්ට බරපතල කටයුත්තක් ද?
  • මෙම ප‍්‍රශ්න වෙනත් කම්කරු කණ්ඩායම්වල ප‍්‍රශ්නවලට සමාන ද? වෙනස් ද?
  • මෙම කටයුත්ත බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්නවලින් ඇතිවී තිබෙන්නක් ද?
  • මෙම කටයුත්තෙන් බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්න ඇතිවේ ද?
  • බොහෝ අයට මෙම ප‍්‍රශ්නය බලපා තිබේ ද? නැතහොත් බලපෑමේ අනතුරට ඔවුහු මුහුණ පා සිටිත් ද?
  • මෙම ප‍්‍රශ්නය ඉක්මණින් සහ ක්‍රමවත්ව  නිවැරදි කළ හැකි ද?

 

මුලාශ්‍රය: Australia Asia Workers Link

 

වැඩබිම මුල් පිටුව

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435