‘ස්‌කයිප් තාක්‌ෂණය’ භාවිතයේදී සැලකිලිමත් වන්නැයි තරුණියන්ට අවවාදයක්‌

ස්‌කයිප් තාක්‌ෂණය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිනි මහත්මිය තරුණියන්ගෙන් ඉල්ලීමක්‌ කළාය.

ඇය මෙසේද කීවාය.

“මම තරුණියන්ට කියන්නේ ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ තවත් කෙනකු සමඟ කතාබහ කරන්නට සම්බන්ධ වනවිට ප්‍රවේශම් වෙන්න කියලයි. මොකද අද තාක්‌ෂණය දියුණුයි. සමහරවිට අර ඔබ සමඟ මිතුරුව කතාබහ කරන කෙනා ඔබගේ සජීව රූපය නිරුවත්කර අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කරන්නට උත්සාහ කරාවි. ඒ විතරක්‌ නොවෙයි. සමහර පුද්ගලයන් ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ සම්බන්ධ වන තරුණියන්ට කියනවා ඔබේ නිරුවත් ඡායාරූපයක්‌ තිබෙනවා. ඒක අන්තර්ජාලයේ දානවා කියලා.”

“එහෙම නොකර ඉන්න නම් කියන තැනකට එන්න කියලත් බල කරනවා. පස්‌සේ අර පුද්ගලයා තරුණියව ගෙන්වා ගෙන හෝටලයකට අරන් ගිහින් අතවර කරනවා. එවැනි සිද්ධීන් අපිට වාර්තා වෙලා තිබෙනවා.

ඒ නිසා ස්‌කයිප් තාක්‌ෂණයටගියාම බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න කියලා තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා.”

 

මුලාශ්‍රය: දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435