ස්විස් නැවක වැඩකරන්න කැමතිද?

ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි. මේ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙයිඩර්කෝන් (Heinz Walker – Nederkoon) මහතා විසින් සිදු කෙරිණ.

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ එම ගිවිසුම අත්සන් කෙරුණු අතර නාවික විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර අත්සන් කෙරුණු පළමු ගිවිසුමද මෙය වේ.

මෙම ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී ස්විට්සර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමෙන් රටට විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාව උදාවනු ඇතිබවද වරාය සහ නාවික අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435