
වීසා නොමැතිව විදේශිකයින් දොළොස් දහසකට අධික පිරිසක් නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවේ රැඳි සිටින බවට රජයට තොරතුරු ලැබී ඇතැයි අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමැති එස්. බී. නාවින්න මහතා පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙම විදේශිකයින් අතර චීන, පාකිස්ථාන සහ බංග්ලාදේශ ජාතිකයන් විශාල පිරිසක් සිටින බවට තොරතුරු තිබෙන බවත් මෙලෙස වීසා නොමැතිව කිසිම විදේශිකයෙකුට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට අයිතියක් නැති බවත් කීය.
මෙම සියලු දෙනා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද ඇමැතිවරයා කීය.
මෙම විදේශිකයන්ගෙන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරක වීසා මගින් බව ප්‍රකාශ කරන නාවින්න මහතා මෙම පිරිස වීසා කාලය අවසන් වීමෙන් පසු නැවත තමන්ගේ රටට නොගොස් විවිධ රැකියා කරමින් රට තුළ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද සිහිපත් කළේය.
වැඩබිම