
ඊයේ(05) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පස්දෙනාගෙන් තිදෙනෙකු පසුගියදා විදේශයේ සිට මෙරටට පැමිණි ලාංකිකයින් බවට තහවුරු කරගෙන තිබේ.
ඉන් එක් අයෙක් චෙන්නායි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයයි.
ඊයේ හඳුනාගත් අනෙක් දෙදෙනෙගෙන් එක් අයෙක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි රැදවියෙකු වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස වාර්තාවෙයි.
ඒ අනුව මෙරටින් වාර්තාවෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2839ක් ලෙස වාර්තා වී තිබේ.
වැඩබිම