
ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිවාසවලට හානි සිදුව තිබුණ ද පීඩාවට පත් ශ්රී ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය දිනපතා විවෘතව තැබෙන බව ලෙබනනයේ ශ්රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේය.
මෙම හදිසි තත්ත්වය තුළ තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් එරට ශ්රී ලාංකිකයින් විශාල පිරිසක් සේවාවන් සහ උපදෙස් ලබාගැනීමට පැමිණෙමින් සිටින බව ද ඇය පැවසීය.
කෙසේවෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ සහ පීඩාවට පත්ව සිටින ශ්රී ලාංකිකයින් පිළිබඳව ලෙබනන් රජය සමග සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බව ද ශානි කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
වැඩබිම