
ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.
තුවාල ලැබූ පිරිස මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන අතර මෙවනවිට මියගිය ගණන 157ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පිපිරීමත් සමඟ බේරූට් නුවර සියලුම කටයුතු මුළුමනින්ම අඩපණවූ අතර ඒත් සමඟම කොරෝනා ව්‍යාප්තියද වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයද බිය පලකර ඇත්තේ.
මෙම පිපිරීම සිදුවූයේ ලෙබනනය දේශපාලනික වශයෙන්, ආර්ථිකමය වශයෙන් මෙන්ම කොරෝනා වසංගතයත් සමඟ බැට කමින් සිටින අවස්ථාව නිසා අදවනවිට ලෙබනනය ඉතා අසීරු අවධියක් පසුකරමින් සිටින බවයි බොහෝ විචාරකයින් පෙන්වා දෙන්නේ.
වැඩබිම