
2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.
එම සංගමය විසින් ඊයේ දිනයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියකින් මේ බව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කරන බවට 2018.09.04 වන දින හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා හා හිටපු සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රවාහන බලධාරීන් සිය සියලූම වෘත්තීය සමිතිවලට ලිඛිතව පොරොන්දු ලබාදී ඇතත් මේ වනතුරු එය ක්‍රියාවට නඟා නැතැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පෙන්වාදෙයි.
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පැවැති රජයේ බලධාරින්ගෙන් අවස්ථා හතරකදී ද වත්මන් මුදල් ඇමැතිවරයාගෙන් එක් අවස්ථාවක දී ද මෙම ඉල්ලීම් ලබා දීමට මැදිහත් වන ලෙස ලිඛිතව ඉල්ලීම් කළ බව එම ලිපියේ දැක්වෙයි.
මුදල් ඇමැතිවරයාගේ නියෝගයක් නොමැතිව මෙම දීමනාව අනුමත කළ නොහැකි බව කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය පැවැසූ බැවින් වැඩ තමන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කළ බවත්, හිටපු සභාපති උපාලි මාරසිංහ මහතා විසින් මෙම ඉල්ලීම් කඩිනමින් ලබාදීමට පොරොන්දු වූ බැවින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අතරමග නැවැත්වූ බවත් එම සංගමය සිහිපත් කරයි.
මෙම තත්ත්වය තවදුරටත් පවතින්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ශ්‍රී ලංගම සේවකයින්ට සිදුවනු ඇතැයි ද ඊට පෙර අන්තර් දීමනා මුදල ලබා දී ශ්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.
වැඩබිම