රැකියාව හා සෞඛ්‍යය 5 – උණුසුම

01 අගෝස්තු 2014 – archive.wedabima.lk

 

ඉතා උණුසුම් පරිසරයක් ඇති වැඩපලක සේවකයන්ට විවිධාකර කායික සහ මානසික ආබාධ හට ගනී. එය ඔබගේ වැඩ කිරීමේ හැකියාව අඩු කරයි. ශරීර ශක්තිය, මානසික ශක්තිය අඩු කරයි. වැඩියෙන් අත්වරදීම් සිදුකොට ඇතැම් විට විවිධ හදිසි අනතුරැ ඇති කරයි.

 

ඉතා අධික උෂ්ණත්වය

  1. ක්ලාන්තය ඇති කරයි. මෙවන් විටෙක එම සේවකයන් ඉවත් කොට සිසිල් ජලයෙන් ශරීරය තෙමා ශරීරය සිසිල් වනතෙක් විදුලි පංකාවක් යට තබන්න.
  2. අධික දහඩිය දැමීම, හිසරදය දැමීම, හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය ඇති කරයි. මෙවන් වටක වැඩියෙන් ජලය පානය කරන්න. සිසිල් ස්ථානයකට යන්න.
  3. සමහෙි බිබිලි ැති කරයි – මෙවන් වටක සෑම වැඩමුරයක් අවසානයේදීම ශරීරය සෝදන්න.
  4. මසුපිඩු පෙරලීම ඇති කරයි. – මෙවන් විටක වතුර බෝතල් 3කට ලුණු තේ හැදි ¼ක් දම පානය කරන්න. (හෘද රෝග, අධික රැධිර පීඩනය ඇති අයට මෙය සුදුසු නැත.)

 

heat 1

 

දැඩි උණුසමින් වලකින්නේ කෙසේද?

 

  1. හැකිතරම් සිසිල් ජලය පානය කරන්න.
  2. මත්පැන් පානයෙන් වලකින්න. මත්පැන් ශරීරය වියලවයි.
  3. තුනී, ලිහිල් කපු ඇදුම් අදින්න. කෘතිම ඇදුම් සහ තද ඇදුම් ඇදමේන වලකින්න
  4. විටින් විට සිසිල් ස්ථානයක විවේකයෙන් සිටින්න.
  5. වැඩපලේ වාතාශ්‍රය වැඩි කිරීමට විදුලි පංකා, වාතය උරාගන්නා පංකා, ජනේල ඇති කරන ලෙස ඉල්ලා සිටින්න.
  6. උෂ්ණත්වය ඇති කරන යන්ත්‍රසූත්‍ර ආවරණය කරන ලෙස හෝ සේවකයන් ගෙන් වෙන්ව තබන ලෙස ඉල්ලා සිටින්න.

 

Heat 2

 

වෛද්‍ය අජිත් අමරසිංහ – රැකියාව හා සෞඛ්‍ය කෘතියෙනි

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435