රැකියාව හා සෞඛ්‍යය 4 – ඝෝෂාව හා ආලෝකය

16 ජුලි 2014 – archive.wedabima.lk

 

ඝෝෂාව

 

ඝෝෂාකාරී යන්ත්‍ර සුත්‍ර ඔබ මානසික අසහනයට පත් කරයි. ඔබේ ඇසීම දුර්වල කරයි. ඔබේ වැඩපලේ ඝෝෂාව අධිකයයි ඔබට හැගේද?

 

එසේ නම්

  1. ඒ බව ආයතන පාලනාධිකාරියට දන්වන්න.
  2. ඝෝෂාවේ ප්‍රමාණය විද්‍යාත්මකව පරික්ෂා කරවා ගන්න 85ාඊෟ වලට වඩා ඝෝෂාව ශරීරයට අහිතරයි.
  3. ඝෝෂාව අධික නම් එය අඩුවන ආකාරයට යන්ත්‍රසූත්‍ර නැවත සකසන ලෙස ඉල්ලා සිටින්න.
  4. ඔබේ ශ්‍රවණය අවම වශයෙන් වසරකට වරක්වත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගන්න.
  5. කන් ආවරණ ලබාදෙන ලෙස ඉල්ලා සිටින්න.

 

අධික ඝෝෂාව

 

කෙටිකාලීනව ඇසීම දුර්වල කර,

දීර්ඝකාලීනව ඇසීම සම්පූර්ණයෙන් නැති කර,

අධික රැධිර පීඩනය, නින්ද නොයෑම, හිසරදය, මානසික අසහනය ඇති කරයි.

 

health and safety-light

 

අධික ආලෝකය

 

අඩු ආලෝකය

දිගු වේලාවක් එකම ස්ථානයක් දෙස බලා සිටීම

ආලෝකය අඩු වැඩි වීම

ඔබේ ඇස් විඩාපත් කරයි.

මේ නිසා තෙහෙට්ටුව

හිසරැදාව

කදුලු ගැලීම

ඇස් පෙනීම දුර්වල වීමවෙනත් අනතුරැ ඇතිවේ.

 

වෛද්‍ය අජිත් අමරසිංහ – රැකියාව හා සෞඛ්‍ය කෘතියෙනි

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435