රැකියාව හා සෞඛ්‍යය 3 – හදිසි අනතුරැ

11 ජුලි 2014 – archive.wedabima.lk

 

හදිසි අනතුරැසේවකයන්ගේ ආරක්ෂාව ගැන තැකීමක් නොකොට නිපදවා ඇති යන්ත්‍රසූත්‍ර නිසා හදිසි අනතුරැ හටගනී.

 

අනතුරැදායක යන්ත්‍රසූත්‍ර හදුනාගැනීම ඔබ විසින් කල යුතුයි.

 

ගියර, කැරකෙනදඩු, කැරකෙන දැතිරෝද, රෝද සෙලවෙන ඕනෑම යන්ත්‍රයක් මෙවන් අනතුරැ ඇතිකරයි. එවන් යන්ත්‍රසුත්‍ර ඇත්නම්,

 

  1. මෙම යන්සුත්‍ර වල භයානක කම ඔබ මනාව හදුනාගත යුතුයි.
  2. ඒවා හැකිතාක් සේවකයන් සිටින ස්ථානයෙන් වෙන්කොට තබන ලෙස ඉල්ලා සිටින්න.
  3. යන්ත්‍රය නිසි ආකාරයට අගුලු දැමිය හැකි ක්‍රමයක් සකසන ලෙස බල කරන්න. එය නිසි ආකාරයට අගුලු නොදමා කිසිවටකත් යන්ත්‍රය අතපත ගෑමෙන්, අලුත්වැඩියා කිරීමෙන්, පිරිසිදු කිරීමෙන් වළකින්න.
  4. යන්ත්‍රයට විදුලිය ඒම නියම ආකාරයට නතර කල හැකි විය යුතුයි. එසේම යමෙකුට විදුලිසැර වැදුන හොත් වහාම විදුලිය නතරවීමට යන්ත්‍රය සකසා තිබිය යුතුයි.
  5. හදිසි අනතුරැ සිදුවූ විට ප්‍රතිකාර කිරීමේ පහසුකම් තිබිය යුතුයි. සියලු මූලික උපකරණ සහිත ප්‍රථමාධාර පෙට්ටියක් වැඩපලේ තිබිය යුතුයි.
  6. හදිසි අවස්ථාවකදී රෝගියා රෝහලට රැගෙන යා හැකි ගිලන් රියක් හෝ ගිලන්රියක් ලබාගැනීමේ හැකියාවක් සමඩපලකම තිබිය යුතුයි.

 

වෛද්‍ය අජිත් අමරසිංහ – රැකියාව හා සෞඛ්‍ය කෘතියෙනි

 

can-stock-photo_csp5354830

 

 

safety-clip-art-11

 

 

578553-workgloves

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435