
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 163 දෙනෙකු ඊයේ (08) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.
මෙම පිරිස සවස 3.30 ට මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඔවුන් එරට සංචාරක ක්ෂේත්රයේ රැකියාවල නිරත වී සිටි පිරිසක් බව වාර්තා වේ.
මෙම පිරිස ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබෙන අතර පසුව නිරෝධායනය සඳහා යොමුකළ බවත් සඳහන්.
වැඩබිම
අපිත් මලෙ දැන් මාස 5කට අදික කාලයක් බලන් ඉන්නව ලංකාවට එන්න.තාම එන්න ලැබුනෙ නෑ.අපිට මුදල් ගෙවල එන්න වත්කමක් නෑ.පඩ් දුන්නෙත් නෑ....ඉකමනට අපිව ගෙන්න ගන්න.කරුනික ඉල්ලීමක්.....
1
0