
මාලදිවයිනේ ප්රමුඛ හෝටල් සේවක සමිතිය වන මාලදිවයින් සංචාරක ක්ෂේත්‍ර සේවක සංගමය (TEAM) දීපව්‍යාප්ත වෘත්තීය සමිති අරගලයක් සඳහා පෙළගැසෙමින් සිටිති. ඔවුන්ගේ ඉල්ලීම් මාලාවක් රජය වෙත ඉදිරිපත්කර ඇත.
ශ්‍රී ලාංකික සේවකයින් දහස් ගණනක් මාලදිවයින් සංචාරක ක්ෂේත්රයේ සේවයේ නිරතවන නිසා මෙම ඉල්ලීම් ඔවුනටත් වැදගත් වනු ඇත.
එම ඉල්ලීම් අතර සේවායෝජකයින් විසින් සමිති පිළිගැනීම, අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 600 දක්වා වැඩිකිරීම, වත්මන් සංචාරක ක්ෂේත්‍ර සේවා ගාස්තුව (Service Charge) නෛතික ප්‍රතිපාදන හරහා 12% දක්වා ඉහල දැමීම හා එය සේවකයින් අතර බෙදීම විනිවිද පෙනෙන ආකාරයට කිරීමට කටයුතු සැලැස්වීම, හෝටල් වල දේශීය සේවකයින් හා විදේශ සේවකයින් අතර අනුපාතය 80:20 ලෙස පවත්වා ගැනීම, පසුගිය මැතිවරණ සමයේදී රජය පොරොන්දු වූ කාර්මික සම්බන්දතා පනත් කෙටුම්පත නීති ගත කිරීම මුඛ්‍ය වේ.
එලෙසම දැනට වෘත්තීය සමිති මර්දනයේ ප්‍රතිපලයක් ලෙස රැකියාව අහිමිව සිටින මාලදිවයිනේ ෂෙරටන්, වන් ඇන්ඩ් ඔන්ලි හා කොන්රඩ් යන හෝටල් වල සේවකයින් නැවත සේවයේ පිහිටුවීමද ඉල්ලීම් අතර වේ.
පළමු පියවර ලෙස වෘත්තීය සමිතිය අත්සන් ව්‍යාපාරයක නිරත වන අතර ඉල්ලීම් ඉටු නොවන්නේ නම් සියලු සංචාරක හෝටල් සේවකයින් සිය සේවා කාලය තුලදී කළු පටි බැඳීමේ ව්‍යාපාරයක නිරත වීමට කටයුතු යොදා ඇත. රජය දිගින් දිගටම තම ඉල්ලීම් පැහර හරින්නේ නම් රට පුරා සියලු සංචාරක හෝටල් සම්බන්ධ කෙරෙන ආකාරයේ මහා වැඩ වර්ජනයක නිරතවීමට අවශ්‍ය පිඹුරුපත් දැන් සකස් කෙරෙමින් පවතී.
මෙම නව තත්වය මාලදිවයිනේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට හා අපගේ සංචාරක කර්මාන්තයටත් යම් යම් වාසි හා අවාසිදායක බලපෑම් නිර්මාණය කල හැක.
මාලදිවයින් හෝටල් සේවක ආරවුල හා සටන පිලිබඳ නවතම තොරතුරු සඳහා වැඩබිම හා රැඳී සිටින්න.
වැඩබිම