මහා මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශය මැතිවරණ කොමිෂමට ලබාදී නෑ

මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අවසන්  වාර්තාව (Guidelines) මැතිවරණ කොමිෂන් සභාව වෙත  සෞඛ්‍ය අංශ විසින්  තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති බව අවධාරණය කෙරේ.

සූදානම් විය යුතු මූලික අංශ පිලිබඳ අතුරු වාර්තාව පමණක් (Draft ) ඉදිරිපත් කර ඇත .

ඊයේ දින (05.05.2020) සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා  මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ (Guidelines) මේ වන විට සෞඛ්‍ය අංශ විසින්  මැතිවරණ  කොමිසම වෙත නිල වශයෙන්  භාර දී ඇතැයි මහජනතාවට  වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ වන විට ඉදිරිපත් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින් සූදානම් විය යුතු මූලික අංශ පිලිබඳ කරුණු අඩංගු අතුරු වාර්තාවක් (Draft) පමණි.

එහෙත් අවසන් මාර්ගෝපදේශ සංග්‍රහය (Guidelines)  තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති අතර ඉදිරිපත්වී ඇති යෝජනා සමාලෝචනය කරමින් පවතින බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය)  වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ( 0717723232 ) පවසයි.

මහා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කුමන කාලයේද යන සාධකය ඇතුලු තවත් සාධක කිහිපයක් අනුව අනුගමනය කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ (Guidelines)  ද වෙනස් විය හැකිය. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන නිල සෞඛ්‍ය මාර්ගෝපදේශ (Guidelines)  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු සෞඛ්‍ය බලධාරීන්ගේ සහ විවිධ අංශ නියෝජනය කරන විශේෂඥයින්ගේ නිර්දේශද  සැලකිල්ලට ගෙන තව දුරටත් සමාලෝචනය කර කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද  වෛද්‍ය  ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

මාධ්‍යවේදීන්ට අවශ්‍ය වැඩිදුර  තොරතුරු ලබාගැනීමට අමතන්න – වෛද්‍ය  ලක්ෂ්මන් ගම්ලත් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ( පාරිසරික සෞඛ්‍ය  ,වෘත්තිය සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය )  –  0717723232

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435