පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ලක් වන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇතුළු සමස්ත පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ගොදුරු වන්නන් වෙති. අනාදිමත් කාලයක සිට එලෙස කාන්තාවන් හිංසනයට ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුවත් ඒවා එලෙසම සිදු වීමේ අඩුවක් තවම සිදු නොවන්නේ බොහෝවිට ඒවා සමාජගත නොවීම හේතුවෙනි. තවමත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වහල් මානසිකත්වයෙන් ඇලී ගැලී සිටින කාන්තාවෝ තමාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය හෝ හිංසනය වසන් කරගෙන සිටීම නිසා මේවායේ වාසිය එවැනි දෑ සිදුකරන චූදිතයින්ටඅ වාසි සහගත තත්ත්වයන් සලසයි.

නිදහස් වෙළඳ කලාප වැනි කාන්තාවන් බහුතරයක් ගැවසෙන ස්ථානවල හිංසනය සහ ප්‍රචණ්ඩත්වය බොහෝ සෙයින් සිදු වුවත් ඒවා නීතිය හමුවට පැමිණීමේ කාර්යය සිදුවන්නේ ඉතා අල්පවය.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාන වල උසස්වීම් ලබාගැනීමට, වෙනත් රාජකාරිමය කටයුතු වලට මෙන්ම කැඩුණු මැසිමක් සාදවා ගැනීමට ගිය අවස්ථාවලදී සේවක කාන්තාවන් බොහෝ සෙයින් ලිංගික සහ වාචික හිරිහැර වලට ලක්වන අතර සේවා ක්‍රියාවලිය තුළදී දෛනික නිෂ්පාදන ඉලක්ක ලබාදීමට නොහැකිවීම වැනි අවස්ථාවල සහ සේවා ස්ථානවලයම් යම් කටයුතු වල දී ඉහළ නිලධාරීන්ගේ වාචික හිංසනයන්ට හා ප්‍රචණ්ඩත්වයන් ට මොහුන් නිරන්තරව මුහුණ දෙමින්.

සේවා ස්ථානයේ පමණක් නොව පොදු ප්‍රවාහන සේවයේදී වෙනත් පොදු ස්ථාන වලදී කාන්තාවන් තවමත් වාචික සහ ශාරීරික, මානසික ලෙස හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයන්ට තප්පරයෙන් තප්පරය ගොදුරුවන සමාජ ක්‍රමයක් තුළ ඒව දරාගනිමින් ඒවා කඳුළකින් නිමා කරමින් සිද්ධිය සඟවා ගනිමින් එම දරා ගැනීම හේතුවෙන් ශාරීරිකව සහ මානසිකව ජීවිතය කඩා වැටී විවිධ ලෙඩරෝග වලට ලක්වෙමින් කාන්තාවන් ජීවත් වෙමින් සිටී.

එසේ සිටිනවා විනා එවැනි ප්‍රචණ්ඩකාරී හිංසනකාරී ක්‍රියාවන්ට එරෙහිව ඒවාට එරෙහිව ක්‍රියා කර ඒවා සිදු කරන්නන් නීතිය ඉදිරියට ගෙන ඒමට සහ කාන්තාවන් ලෙස කම්කරුවන් ලෙස සාමූහිකව සංවිධානාත්මක මේවට එරෙහිව පෙළ ගැසීමට හෝ තවමත් මේ පුද්ගලික අංශයේ සේවක කාන්තාවන් පෙළගැසී නො සිටීම කනගාටුවට කරුණකි.

පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ මෙම දරාගැනීම, දරිද්‍රතාවය ,සියුමැලි භාවය සහ සංවිධානාත්මක නොවීම හොඳින් හඳුනාගත් පිරිස් මෙන්ම පාලකයෝ ද තවදුරටත් කාන්තාවන්  එලෙසම රඳවා තබා ගනිමින් ඒවා තවදුරටත් තමන්ට වාසි සහගත ලෙස හඳුනා ඒවා එලෙසම තබා ගැනීමට පාලකයෝ සහ ඒවාට ගැති මිනිස් කණ්ඩායම් කටයුතු කරමින් සිටී.

විවිධ දුර්වලතාවයන් හේතුවෙන් සහ කාන්තාවන්ගේ මුළු ගැන් වීම හේතුවෙනුත් කාන්තාවන්ට සිදුවන ‍ප්‍රචණ්ඩත්වයන් සහ හිංසනයන් තවමත් අපේ රටේ වැළඳී යන කාරණයක් බවට පත්ව තිබුණත් ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට එරෙහි වීම අයිතිය සැමට පොදු අයිතියකි.

මෙවැනි පසුබිමක් තුළ පසුගිය 2019 වසරේ ජුනි මාසයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියාවේ ස්වරූපය සහ රැකියාවේ කොන්දේසි නොතකා ප්‍රචණ්ඩත්වය හා හිංසනයට එරෙහි ප්‍රමිතීන් ඇතුළත් 190 වන (C190) සම්මුතිය සම්මත කර ඇත.

එය සම්මත කර වසර එකහමාරක් ගතව ඇති මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වන අප රටේ එය ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් පුද්ගලික අංශයේ කාන්තාවන් කම්කරු කාන්තාවන් ඇතුළු මේ රටේ හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක් වන සියලුම දෙනා එකතු වී මෙය සම්මත කරවා ගැනීම වෙනුවෙන් බලපෑම් කළ යුතුව ඇත.

මා මෙය ලියන මේ මොහොත වනවිට අප සංවිධානයට ලැබුණ පැමිණිල්ලක මෙසේ සඳහන් වන බව ඔබ සැමට කිව යුතුය.

‘ඇය අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහලක සනීපාරක්ෂක කාන්තාවක් ලෙස සේවය කරන පනස් දෙහැවිරිදි කාන්තාවකි. පෞද්ගලික ආයතනයක් නිසා මොවුන් මෙම ආයතනයේ රැකියාවට යොදවා තිබී ඇති අතර ඇයගේ සේවා කාලය අවුරුදු පහළොවකට අධික ය. මෙහි වෛද්‍යවරයකු නිතර නිතර ඇයට ලිංගික වහල්කාරකම් කරන්නට වාචිකව සහ මානසිකව ශාරීරිකව සූදානම් වූ අවස්ථාවල දී ඇයට එරෙහි වීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඇගේ සේවය අවසන් කර ඇය වෙනුවට වෙනත් සේවිකාවක් එම සේවයට අනුයුක්ත කර ඇත.’

ඉහළ නිලධාරියාගේ අයුතු බලපෑම් වලට එකඟ නොවීම වැනි අසාධාරණ ක්‍රියාවන් මේ රටේ තත්පරයෙන් තත්පරය සිදුවන අතර තුර  අසාධාරණ සමාජ ක්‍රියාවන් තුළ සිටින මෙරට කාන්තාවන් ඇතුළු සියලු සේවකයින් එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සම්මත කළ c190 සම්මුතිය මෙරට තුළ ක්‍රියාත්මක කරවා ගන්නට සහ එයට අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස අපි සැම එක්ව ආණ්ඩුවට බල කරමු.

චන්ද්‍රා දේවනාරායන, RED සංවිධානය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435