
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් 1000 බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පහසුකම් සළසා ඇත.
මෙම තනතුරු සදහා Online ක්‍රමයට ඉල්ලුම් කළ හැකි අවසන් දිනය 2020 දෙසැම්බර් 21 දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
එම තනතුරු පිළිබද වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.
සංකේත අංකය | සේවාව | පුහුණු පාඨමාලාවේ නම | පුහුණු කාල සීමාව | මාධ්‍යය |
1 | ඖෂධවේදී | වසර 02 | ඉංග්‍රීසි | |
2 | පරිපූරක වෘත්තීන්ගේ | වෘත්තීය චිකිත්සක | වසර 02 | ඉංග්‍රීසි |
3 | සේවාව | විකිරණ ශිල්පී | වසර 02 | ඉංග්‍රීසි |
4 |
පාසල් දන්ත චිකිත්සක |
වසර 02 | ඉංග්‍රීසි | |
5 | සෞඛ්‍ය කීට විද්‍යා | වසර 02 | ඉංග්‍රීසි | |
6 | අක්ෂි තාක්ෂණවේදී | වසර 02 | ඉංග්‍රීසි | |
7 | අතුරු වෛද්‍ය සේවාව | අංගාදේශක හා සෘජුකරණඥ | වසර 03 | ඉංග්‍රීසි |
8 | මහජන සෞඛ්‍ය පරීක්ෂක | වසර 02 | ඉංග්‍රීසි | |
9 | ඛන්තු රේඛණ ශිල්පී | වසර 01 | ඉංග්‍රීසි | |
10 | විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු | වසර 02 | ඉංග්‍රීසි | |
11 | මහජන සෞඛ්‍ය රසායනාගාර | වසර 01 මාස 03 | ඉංග්‍රීසි | |
ශිල්පී | ||||
12 | දන්ත කාර්මික ශිල්පී | වසර 02 | ඉංග්‍රීසි |
වැඩබිම