
ඉස්සරහට එන්නේ නත්තල් මාසේ. නත්තලට වරදින්නේ නැති දෙයක් තමයි ක්‍රිස්මස් කේක් කියන්නේ.ඉතින් මේ කියා දෙන්න හදන්නේ හරි ලේසියෙන් කේක් හදා ගන්නේ කොහොමද කියලයි.
ඉස්සෙල්ලම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු…
- බිත්තර කහමද 25
- බිත්තර සුදු මද 12
- සීනි රාත්තල් 1
- සුල්තානා රාත්තල් 1
- Cherries ර්ආත්තල් 1යි
- කජු රාත්තල් 1
- බටර් රාත්තල් 1
- මුද්දරප්පලම් රාත්තල් 1
- Pumpkin Preserve අවුන්ස 6
- Candied Peel රාත්තල් 1 /4
- Chow Chow බෝතල් 1
- Ginger Preserve බෝතල් 1
රස කාරක (එසන්ස්) :-
- රෝස් එසන්ස් බෝතල් 1
- වැනිලා බෝතල් 1
- මී පැණි අවුන්ස 1
- ආමන්ඩ් එසන්ස් බෝතල් 1
- වයින් වීදුරු 1
- කුළු බඩු පවුඩර් තේ හැඳි 2 ( එනසාල්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු සියල්ල එකට )
- ස්ට්‍රෝබෙරි ජැම් බෝතල් 1 (අවශ්‍ය නම් පමණක්)
හරි..ඔන්න අපි ඔක්කෝම ඕන කරන ජාති සූදානම් කරගෙන ඉවරයි..දැන් තියෙන්නේ කේක් එක හදන්න පටන් ගන්නයි..
- සියළුම පලතුරු වර්ග කුඩා කැබලි වලට කපා ගන්න.එයට එසන්ස් වර්ග වලින් බාගයක්ද එක්කර ගොඳින් කලවම් කර ගන්න.එය බෝතලයක බහා දින තුනක් පමණ තබන්න.
- තරමක් බැඳගත් රුලං හොඳින් නුවුණු පසු බටර් සමඟ මිශ්‍ර කර වෙනම තබන්න.
- බිත්තර සුදු මද 12 හොඳින් ගසාගෙන පසෙකින් තබන්න.
- බිත්තර කහ මද 25 සීනි සමඟ හොඳින් ගසා ගන්න.හොඳින් ගසා ගත් මිශ්රණයට් පලතුරු සහ රුලං බටර් මිශ්‍රණයද එකතු කරගෙන මිශ්‍ර කර ගන්න.
- කලින් ඉතිරි කරගත් එසන්ස් සහ කුළුබඩුකාරක ද එකතු කර නැවත බීට් කරන්න. අවසානයේදී ගසා ගත් බිත්තර සුදු මද මිශ්‍රණයද එක් කර නැවත බීට් කරගන්න. දැන් ඔබට අවශ්‍ය නම් පමණක් ස්ටෝබෙරි ජෑම් ද එකතු කර ගත හැකියි.
- දැන් මේ සියල්ල පතුලට තෙල් කොලයක් දැමූ බටර් තවරාගත් තැටියකට දමන්න. ඉන්පසුව ෆැරන්හයිට් 250 ක උෂ්ණත්වයේ යටතේ පැය දෙක හමාරක් තුනක් පමණ හෙමින් බේක් කරගන්න.