
රසවත් නත්තල් කේක් එකක් තනිවම නිවසේදී සාදාගන්නා ආකාරය ඔබ දන්නවාද? මෙතරම් කාලයක් ඔබ සිදුකලේ අනුන් සාදන නත්තල් කේක් විශාල මිලක් ගෙවා මිලදී ගැනීමද. එසේනම් මෙවර ඉතා සරලව ඔබගේ නත්තල් කේක් එක ඔබේ නිවසේදීම ඔබම සාදා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
රේසන්සි
කරන්ට්ස්
රටඉදි ග්රෑ 170
සුල්තානා ග්රෑ 370
චෙරීස් ග්රෑ 85
කරදමුංගු කුඩු
කරාබු නැටි කුඩු තේ හැදි 1/2
දොඩම් ඇඹුල් මේස හැදි 2
බටර් ග්රෑ 230
සීනි ග්රෑ 230
ආමන්ඩ් ග්රෑ 100
කැන්ඩීඩි පිල් ග්රෑ 85
සාදික්කා කුඩු තේ හැදි 1
කුරුදු පොතු කුඩු තේ හැදි 1/2
පිටි ග්රෑ 340
බිත්තර 4
බ්රැනඩි හෝ විස්කි ටිකක්
සාදන ආකාරය
අඟල් නවයක රවුම් හෝ අඟල් අටක හතරැස් තැටියක් ගන්න. බටර් තවරන ලද තෙල් කඩදාසියක්, තට්ටු දෙකක් සිටින්නට අඟල් 2 ක් පිටතට සිටින ලෙසට අරගන්න. එය තැලියට එවන්න. තට්ටු දෙකක දුඹුරු කඩදාසියක් තැටිය වටේට සිටින ලෙස තැටිය පිටතට ගැට ගසන්න.
පළතුරු සියල්ල කපා සකස් කරන්න. කුඩුකරන ලද සුවද වර්ගද එකතු කරන්න. දැන් එය දෙහි යුෂ වලින් හා බ්‍රැන්ඩි වලින් පොඟවා පසකින් තබන්න. බටර් හා සීනි මුදුවන තුරු ගසා ගන්න. බිත්තර ස්වල්පයක් බැගින් එකතු කරමින් ගසා ගන්න. පිටිද දමා අවසන් වු පසු කලින් සකස්කර තැබූ පළතුරු මිශ්‍ර කරගන්න. සකස්කර තැබූ කේක් භාජනයට මෙම මිශ්‍රණය දමා තුනී කරගන්න. ගෑස් අංක 2 හෝ 130 C උෂ්ණත්වයේ පුළුස්සා ගන්න. දැන් ඔබ ඔබගේම රසවත් නත්තල් කේක් එක සාදාගෙන හමාරය. දැන් එය රස බලන වේලාවයි.