දරුවන්ගේ මානසික රෝගවලට ප‍්‍රධාන හේතුව දෙමාපිය ආදරය නොලැබීමයි

”ඇතැම් දෙමව්පියන් හිතනවා දරුවන්ට අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම් ආහාරපාන ලබා දුන් විට සියල්ල හරි කියා. නමුත් දරුවන්ට මව්පියන්ගේ රැකවරණය පමණක් නෙවෙයි ආදරය, සෙනෙහස අවශ්‍යයි.

දෙමව්පියන් දරුවන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතු වෙනවා. එසේ නොවූ විට දරුවන් තම දෙමව්පියන් හතුරන් ලෙස සලකනවා. නව යෞවනයට පිවිසෙන දරුවන් කලහකාරි සිද්ධීන්වලට යොමු වන්නේ ආවේගශිලි බව නිසා. ක්ෂණිකව ආවේගයට යටත් වෙලා මේ දේවල් කරන්නේ.සැලසුම් කරලා කරන්නේ නැහැ. ලැබෙන වාසි අවාසි ගැන හිතන්නේ නැහැ. නව යෞවනයට පිවිසෙන ළමුන් අනෙක් අයට වඩා කළහකාරියි.

මේ කාලයේ තමයි ශාරිරිකව හා මානසිකව වැඩෙන්නේ. තමන්ගේ අදහස් පිළිනොගන්නා විට හිතුවක්කාර වෙනවා. ආවේගශීලි වෙලා කලහකාරි ලෙස හැසිරෙනවා. මෙය පෞරුෂත්වයේ ආබාධයක්. නව යොවුන් වියට පිවිසීමේදී ඇතැම් ගැහැණු දරුවන් පිරිමින් ලෙස හැසිරෙනවා. හෝමොනවල කි‍්‍රයාකාරිත්වය හා චර්යාවන් මත තමයි මෙවැනි දේවල් සිදුවන්නේ.මේ නිසා සමහර ගැහැණු දරුවන් පිරිමි දරුවන් මෙන් කි‍්‍රයා කරනවා. ඇතැම් දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය රැකවරණය නොලැබුණු විට විෂාධිය වැනි මානසික රෝග ඇති වෙන්න පුළුවන්”

කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රුබන් මහතා පැවසීය.

මුලාශ්‍රය: රිවිර

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435