
දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම යම්තාක්දුරට පාලන වීමක් සිදුවී තිබුනද යලිත් කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තාකර තිබේ.
ගතවූ පැය 24ක කාලය ඇතුළත අලුතින් ආසාදිතයින් 34ක් වාර්තා වී තිබෙන අතර මෙය ආසන්න දින කිහිපයේදී ආසාදිතයින් 30කට වඩා ඉහළ යාමක් බව පුවත් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් එරට පල්ලි ආශ්රිත ආසාදිතයින් ඉහළ යාමේ සලකුණක් නොපෙන්වන බවද එම පුවත් වාර්තා සඳහන් කරයි.
දකුණු කොරොයාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක් ඇතුළුව විදේශික ආසාදිතයින්ද ඇතුළුව කොරෝනා ආසාදනය වූ 34ක් වාර්තා වන බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් අඛණ්ඩව දෙවැනි දිනය සඳහා මරණ වාර්තා වී නොමැති අතර අදවනවිට සමස්ත මරණ සඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගොස් ඇත.
සමස්ත ආසාදිතයින් ගණන 14,626ක් වන අතර පූර්ණ සුවය ලැබූ ගණන 13,658කි.
වැඩබිම