
05 අප්‍රේල් 2014 – archive.wedabima.lk
ජෝන් කීල්ස් හෝටල් පාලනාදිකාරිය හා ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය අතර සේවක ඉල්ලීම් සම්බන්දයෙන් අප්‍රේල් 4 වැනිදා පැවති සාකච්චාව බලාපොරොත්තු තැබිය හැකි අයුරින් නිමාවී ඇති බව වාර්තාවේ .
පොදු වැටුප් වැඩිවීමක් ,සේවාකාලය අනුව වැටුප් වැඩිවීමක් ,සේවකයන් ස්ථිර කිරීම ,සේවා ගාස්තු තීරණය කිරීම හා සේවා ගාස්තුවලින් අඩුකිරීම් යන ප්‍රදාන කරුණු ඔස්සේ මෙම සාකච්චා පැවත්වී ඇත .
එහිදී සේවා ගාස්තුව සම්බන්දයෙන් වූ ඉල්ලීමට ජෝන් කීල්ස් පාලනාදිකාරිය සම්පුර්ණ වශයෙන් එකගවී ඇති අතර ඒ අනුව පළමු වසරේදී 25%,දෙවන වසරේදී 50%,තුන්වන වසරේදී 75% ක් හා හතරවන වසරේදී 100%ක ගෙවීමක් කරන බව එකගවී ඇත .එමෙන්ම කැඩුම් බිදුම් සදහා සේවා ගාස්තුවෙන් අඩු කිරීමේදී රෙදිපිළි ඉන් ඉවත් කරන්නටද එකගවී ඇත .
වසර පහක සේවා කාලයක් ඇති සියලු සේවකයන් ස්ථිර කිරීමටද එකගත්වය පළකර ඇති අතර පොදු වැටුප් වැඩිවීම යන ඉල්ලීමට අප්‍රේල් 10 වැනිදා ප්‍රතිචාර දක්වන බව දන්වා ඇත .
ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමයේ ප්‍රකාශකයකු වැඩබිමට ප්‍රකාශ කළේ අප්‍රේල් 10 වැනිදා පොරොන්දු වූ පරිදි සාර්ථක ප්‍රතිචාර නොලැබුනොත් අප්‍රේල් 11 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බවයි .
එකගත්වයකට එළබෙන සේවක ඉල්ලීම් සම්බන්දයෙන් සාමුහික ගිවිසුමකට එළඹීම තම අරමුණ බවත් ඊට අදාල සාමුහික ගිවිසුමක යෝජනාවලියක් පාලනාධිකාරියට මෙන්ම හාම්පුතුන්ගේ සම්මේලනයටද ලබාදී ඇති බවත් ඒ සම්බන්දයෙන්ද යහපත් ප්‍රතිචාර දක්වනු ඇති බවත් එම ප්‍රකශකයා වැඩිදුරටත් විස්වාසය පල කළේය .
කීල්ස් හෝටල් අරගලයේ තොරතුරු එසැන දැනගැනීමට වැඩබිම හා රැඳී සිටින්න !
සිංහල ටයිපින් නොහැකි වුවත් පහසුවෙන් සිංහල ටයිප් කිරීම සඳහා මෙම සබැදුම ට පිවිසෙන්න. http://www.google.lk/inputtools/windows/
වැඩබිම