ජාතික බුද්ධි අංශයට නව පනතක්

බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනතකට පසුගියදා කැබිනට් අනුමැතිව හිමි තිබේ.

ජාතික ආරක්ෂාවට බලපෑම් සිදුකරන ක්‍රියාකාරකම් පුරෝකතනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන අතර එම ආයතන විසින් පුරෝකථනය කළ තර්ජන හා අනාවරණය කරගත් තොරතුරු මත වලක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් සහ ජාතික ගැටළු වලදී ලබාදී ඇති නිර්දේශ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා පිටුවහලක් වී ඇත.

බුද්ධි අංශ මෙහෙයුම්  ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම, බුද්ධි අංශ තවදුරටත් බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු වලට සහය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමා වී ඇති බව පෙනී ගොස් ඇත.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435