
ජාතික පාසැල් 353 හි සේවය කරන ගුරුවරු 38000 අතරින් 12,000 ක් දෙනා වසර දහයකට වඩා එකම පාසැලේ සේවය කරතැයි අධ්‍යාපන අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
මේ පිරිස අතරින් 3000 කට ආසන්න පිරිසක් උසස් පෙළ පන්තිවලට උගන්වන ගුරුවරුන් යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
මොවුන් මාරු කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇතැයි කී ස්ටාලින් මහතා එය නිලධාරින්ට භාර නොදී ජාතික මාරු ප්‍රතිපත්තියට අනුව සිදු කරන්නැයි අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ද කීය. යම් හෙයකින් මෙම ගුරු මාරු නිලධාරින්ට භාර දුන්නොත් හිතවතුන් ගේ මාරුවීම් පමණක් කැමති අයුරින් කරන්නට කටයුතු කරනු ඇති බව හෙතෙම සඳහන් කළේය.
මූලාශ්‍රය – ලංකාදීප
වැඩබිම