උප පිටු සඳහා වම් පස ඇති මෙනුවට පිවිසෙන්න
ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) වැඩකරන පංතියට වැදගත් වන්නේ ඇයි ?
ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) ස්ථාපනය
මෙය වර්ෂ 1994 මාර්තු මස 17 වන දින දින ශ්‍රී ලංකාව විසින් ජගත් කම්කරු සංවිධානයේ අංක 144 දරණ ත්‍රෛපාර්ශවික විචාරය පිළිබඳ සම්මුතිය අපරමානුමත කිරීම හරහා කරළියට පැමිණෙන ජාතික යාන්ත්රණයකි. මෙහි මූලික කාර්්‍යභාරය වනුයේ ශ්‍රී ලංකාවට අදාළ වන සමාජ හා කම්කරු ප්රතිපත්තීන් සහ ජගත් කම්කරු ප්රමිතීන් / සම්මුතීන් සම්බන්ධ කාරණා වලදී රජය, ජාතික මට්ටමේ නියෝජකත්වයක් ඇති සහ සුවීශේෂී සේවා නියුක්ති ක්ෂේත්‍ර නියෝජනය කරන සේවක සහ සේව්‍ය සංවිධාන අතර ත්‍රෛපාර්ශවීය ස්වරූපයෙ සැබෑ සහ හරයාත්මක මෙන්ම සංවාදාත්මක මත විචාරයක් සිදු කෙරෙන යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීමයි.
එමගින් මෙම ජාතික උපදේශක යාන්ත්‍රණය මගින් මූලිකවම ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති සම්මුතීන්, තවමත් අත්සන් තබා නොමැති වැදගත් සම්මුතීන් සහ ජගත් කම්කරු සවිධානයේ සමුඵ අශ්‍රිත කාරණාවන් හා මූලධර්ම ක්‍රියාවට නැංවීමට අදාළ කරුණු කාරණා ත්රෛයිපාරිශවීය පාර්ශවකරුවන් අතර සංවාදාත්මකව විචාරයට භාජනය කිරීම අපේක්ෂා කෙරේ. එලෙසම මෙම යාන්ත්‍රණය හරහා අප රට තුළ ශ්‍රමිකයන්ට සහ සේවා නියුක්ති ක්‍රියාවළියට අදාළ කාරණා පිළිබඳ නීතිරීති, රෙගුලාසි හා ප්‍රතිපත්ති සැකසීමට පෙර අදාළ කාරණාවන් පිළිබඳව සියඵ ත්‍රෛපාර්ශවීය පාර්ශවකරුවන්ගේ ඕනෑ එපාකම් එකී නීතිරීති, රෙගුලාසි හා ප්‍රතිපත්ති හරහා පිළිඹිඹු කරනු වස් සංවාදාත්මක විචාරයට භාජනය කිරීම සිදුකරනු ලබයි.
ඉහත අර්ථයෙන් මෙම ත්‍රෛපාර්ශවීය සංවාද හා විචාර යාන්ත්‍රණය සේවක ප්‍රජාව වෙත ඉතා සුවිශේෂී හා වැදගත් කාර්යයභාරයන් ඉටු කරනු ලබයි. කම්කරු නීතිරීති, රෙගුලාසි හා ප්‍රතිපත්ති නිර්මාණයේදී සහ ජගත් කම්කරු ප්රමිතීන් මෙන්ම ජගත් කම්කරු සංවිධාන ක්‍රියාවලියට අදාළව මෙවැනි සාධාරණ යාන්ත්‍රණයක සහය ලබා ගැනීමට පසුගිය හා වත්මන් රජය යම් යම් අඩුපාඩුකම් මාධ්‍යයේත් නොකඩවා තබා ඇති අඛන්ඩ දේශපාලන විශ්වාසය පැසසුම් සහගතය.
ඉතිහාසය නිරන්තරයෙන් අප වෙත පෙන්වාදෙන පරිදි කිසිඳු අයිතිවාසිකමක් නිරායාසයෙන් අප උකුල් මතට පතිතවීමක් සිදුවී නොමැත. පවතින ත්‍රෛපාර්ශවීය යාන්ත්‍රණයත් තවදුරටත් මනා ලෙස වර්ධනය කොට පවතින අඩුපාඩු මග හරවාගෙන සේවක පාර්ශවයටත් සේවා නියුක්තියට අදාළ අනෙකුත් පාර්ශවයන්ටත් ඵලදායි හා හරයාත්මකකාර්යභාරයක් ඉටු කරලීම උදෙසා වෘත්තීය සමිති විසින් සුවිශාල හා භාරදුර කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. මෙම වැඩබිම පිටුව වෙන්ව ඇත්තේ මෙම සුවිශේෂි කාර්යභාරය ඉටු කිරිමටත්, ජාතික කම්කරු උපදේහක සභා යාන්ත්‍රණය වඩාත් ඵලදායී ව්‍යූහයක් බවට පත්කොට වැඩකරන පංතියේ අපේක්ෂාව ප්රජාතන්ත්රවාදී, සාධාරණ හා යුක්තිසහගත සම්මුතිය මුල්කරගෙන මහජන අදහස් උදහස් සැබෑ ලෙස නිරූපණය වන සංවාදාත්මක විචාරණ යාන්ත්‍රණයක් බවට පත්කරලීම උදෙසායි. මෙකී ත්‍රෛපාර්ශවීය ක්රියාවළිය සඳහා පුඵල් මහජන දායකත්වයක් ලබාදිය හැකි අයුරින් බහුතර හා නිහඬ වැඩකරන ප්‍රජාවගේ ඕනෑ එපාකම් තොරතුරු තාක්ෂණ මාධ්‍යය හාරහා හැඩගැස්විය හැකිනම් එය මෙම ත්‍රෛපාර්ශවීය යාන්ත්‍රණයේ වටිනාකම තවත් ඉස්මතු කරනු ඇත.
ඉහත අරමුණ අර්ථවත් කරනු පිණිස අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රමුඛතාවයක් ලෙස මෙම ජාතික කම්කරු උපදේශක සභාවේ කථිකාවත විනිවිද පෙනෙන සේම වැඩකරන පංතියේ සැබෑ මතය නියෝජනය කෙරෙන තැනකට ගෙන ආ යුතුය. එලෙසම සැබෑ සේවක පාර්ශවකරුවන් හට මෙම සංවාදයට දායක වනු පිණිස සාධාරණ ලෙස සහතික කෙරෙන අවකාශයක් තිබිය යුතුය. සංවාදාත්මක විචාරයේ හා යාන්ත්‍රණයේ කටයුතු පවත්වාගෙන යාමේදී පිළීගත් හා විනිවිද පෙනෙන ලෙස සියඵ පාර්ශවකරුවගේ සහභාගිත්වයෙන් ව්‍යවස්ථා හා කාර්යය පටිපාටියම රාමුවක් නිර්මාණය කරගත යුතුව ඇත. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය යන බේදයන්ගෙන් තොරව සේවක වුවමනාවන් මෙම සභාව තුළ නියෝජනය විය යුතුය.
ඉහත ප්රයන්තය යථාර්ථයක් වීම බලහත්කාරයෙන් හෝ බාහිර පීඩනය මත නොව පාර්ශවකරුවන්ගේ සම්මුතියෙන්, ප්‍රජාතන්ත්‍රවාදීව සහ ජගත් කම්කරු සංවිධාන මූලධර්ම වලට අනුකූලව සිදුවිය යුතුය. මේ සියල්ලන්ටත් වඩා මෙම සංවාදාත්මක විචාර විචාරණ ක්‍රියාවලිය කෙරහි ඔබේ අවධානයත් නිරන්තර දායකත්වයත් අත්‍යවශ්‍යය. මෙම වැඩබිම පිටුව මෙම අරමුණ පෙරදැරිව ජාතික කම්කරු උපදේශක සභා කාර්යභාරය වැඩකරන පංතියට වඩා ඵලදායී හා අර්ථාන්විත කරනු වෙනුවෙන් කැපවී සිටියි.
පෞද්ගලික අංශයේ සේවය කරන ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්!
මෙරට වැඩිහිටි ජනගහනය සීඝ්රයෙන් ඉහල යමින්, තරුණ ප්‍රතිශතය පහළ යන බැවින් අනාගත ශ්‍රම බලකායේ විශාල රික්තයක් ඇති විය හැක. එම නිසා ලෝකයේ අනෙක් රටවල පවතින විශ්‍රාම ගැන්වීමේ වයස…NLAC 2015 ඔක්තෝබර් 21 දින රැස්වීමේ න්‍යාය පත්‍රය
2015 ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජාතික කම්කරැ උපදේශක සභාවේ න්‍යාය පත්‍රය පහතින් දැක්වේ. එදින සාකච්ඡාවට ගැනෙන කරැනු පිළිබදව එහි සදහන්ව ඇත. NLAC 2015 ඔක්තෝබර් 21…NLAC 2015 ඔක්තෝබර් මස රැස්වීමේ වාර්තාව
2015 ඔක්තෝබර් මස 01 දින පැවැත්වූ ජාතික කම්කරැ උපදේශක සභාවේ රැස්වීමේ වාර්තාව පහත දැක්වේ. NLAC 2015 ඔක්තෝබර් මස රැස්වීමේ වාර්තාව වැඩබිමNLAC 2015 ජුලි මස රැස්වීමේ වාර්තාව
2015 ජුලි මස 08 වන දින පැවැත්වූ ජාතික කම්කරැ උපදේශක සභාවේ රැස්වීමේ වාර්තාව පහත දැක්වේ. MINUTES of the July meeting වැඩබිමNLAC ඔක්තෝබර් රැස්වීම න්‍යාය පත්‍රය
2015 ඔක්තෝබර් මස 01 දින පැවැත්වීමට නියමිත ජාතික කම්කරැ උපදේශක සභාවේ න්‍යාය පත්‍රය පහතින් දැක්වේ. එදින සාකච්ඡාවට ගැනෙන කරැනු පිළිබදව එහි සදහන්ව ඇත. NLAC 2015 ඔක්තෝබර් වැඩබිමNLAC 2015 පෙබරවාරි මස රැස්වීමේ වාර්තාව
2015 පෙබරවාරි මස 13 දින පැවැත්වී වූ ජාතික කම්කරැ උපදේශක සභාවේ රැස්වීමේ වාර්තාව පහත දැක්වේ. 2015 පෙබරවාරි රැස්වීමේ වාර්තාව වැඩබිමNLAC 2015 ජුලි 08 දින රැස්වීමේ න්‍යාය පත්‍රය
2015 ජුලි මස 08 දින පැවැත්වීමට නියමිත ජාතික කම්කරැ උපදේශක සභාවේ න්‍යාය පත්‍රය පහතින් දැක්වේ. එදින සාකච්ඡාවට ගැනෙන කරැනු පිළිබදව එහි සදහන්ව ඇත. NLAC 2015 ජුලි 08 න්‍යාය…NLAC 2015 පෙබරවාරි 13 දින රැස්වීමේ න්‍යාය පත්‍රය
2015 ජුලි මස 08 දින පැවැත්වූ ජාතික කම්කරැ උපදේශක සභාවේ න්‍යාය පත්‍රය පහතින් දැක්වේ. එදින සාකච්ඡාවට ගැනෙන කරැනු පිළිබදව එහි සදහන්ව ඇත. NLAC 2015 පෙබරවාරි 13 දින රැස්වීමේ…හාම්පුතුන්ට නිතිය තද වෙයිද?
සේවක අර්ථ සාධක අරමුදල නිසි ලෙස නොගෙවන හාම්පුතුන්ට නීති තද කිරීම සඳහා රජය පාර්ශවයෙන් කෙටුම්පතක් ගෙනවිත් ඇති බවත්, එය පසුගියදා පැවති ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීමට ඉදිරිපත් කෙරුණු…රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයටද අවම මූලික වැටුප රු.15,000 කැපයි
ජාතික කම්කරු උපදේශන සභා රැස්වීමේදී මෙවර ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුවු බව නිදහස් වෙළඳකලාප හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසයි. න්‍යාය පත්‍ර…ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ අගෝස්තු මස වාර්තාව
2014 අගෝස්තු මස 14 දින පැවැත්වී වූ ජාතික කම්කරැ උපදේශක සභාවේ රැස්වීමේ වාර්තාව පහත දැක්වේ. ∇ 2014 අගෝස්තු රැස්වීමේ වාර්තාවසමිති කම්කරු උපදේශක සභාවෙදී විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි
නොවැම්බර් මස 13 වන දින පැවැත්වීමට නියමවී ඇති ජාතික කම්කරු උපදේශන සභා රැස්වීමට සහභාගීවීමට මෙවර වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ. මීට පෙරාතුව අවස්ථා කිහිපයකදී වෘත්තීය සමිති විසින්…කම්කරු උපදේශක සභාව ගැන තීරණයක් ගන්න සමිති අද රැස්වෙයි
ටි.එම්.ආර් රෂ්ඩීන් (සභාපති, ලංකා කම්කරු සම්මේලනය) ජාතික කම්කරු උපදේශක සභාවේ ඊළඟ රැස්වීම කවදද? නොවැම්බර් මාසේ 13 වෙනිදා තමයි තියෙන්නේ. කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වෙන එම අවස්ථාවට සියලු කටයුතු සූදානම් කරලයි…සමිති දෙවෙනි වරටත් ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) වර්ජනය කරයි
කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ ප්‍රධානත්වයෙන් හා වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව පැවති ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) ඊයේ (14)දෙවෙනි වරටත් වර්ජනය කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර…NLAC 2014 ජුලි 04 රැස්වීමේ වාර්තා
13 අගෝස්තු 2014 – archive.wedabima.lk 2014 ජුලි මස 04 දින පැවැත්වී වූ ජාතික කම්කරැ උපදේශක සභාවේ රැස්වීමේ වාර්තාව හා එයට එක්වූ නිවැරිදි කිරීම් සහිත වාර්තා පහතින් දැක්වේ.…ජාතික කම්කරැ උපදේශක සභාවෙන් පිටව යාම
පසුගිය 04 වනදා ජාතික කම්කරැ උපදේශක සභාවෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිටව යාම සම්බන්ධයෙන් කරැණු දක්වා CMU ප්‍රධාන ලේකම් බාලා තම්පෝ මහතාගේ අත්සනින් වැඩබිම වෙත යොමුකල ලිපිය පහතින් දැක්වේ.…වෘත්තීය සමිති ජාතික කම්කරු උපදේශක සභාව වර්ජනය කිරීමට තීරණය කරයි
04 ජූලි 2014 – archive.wedabima.lk අද (04) සවස 3.00 ට කම්කරු අමාත්‍යංශයේදී කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහ අනෙකුත් සේවා…NLAC 2014 ජුලි 04 දින රැස්වීමේ න්‍යාය පත්‍රය
03 ජුලි 2014 – archive.wedabima.lk 2014 ජුලි මස 04 දින පැවැත්වීමට නියමිත ජාතික කම්කරැ උපදේශක සභාවේ න්‍යාය පත්‍රය පහතින් දැක්වේ. එදින සාකච්ඡාවට ගැනෙන කරැනු පිළිබදව එහි සදහන්ව…2014 අප්‍රේල් න්‍යාය පත්‍රය – NLAC
∇ 2014 අප්‍රෙල් න්‍යාය පත්‍රය – Agenda 03 April 2014ශ්‍රීලංකාව හා චීනය අතර අත්සන් කර ඇති කම්කරු ප්‍රතිපත්ති පිළිබද අවබෝධතා ගිවිසුම
12 මාර්තු 2014 – archive.wedabima.lk ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව හා චීනය අතර අත්සන් කර ඇති කම්කරු ප්‍රතිපත්ති පිළිබද අවබෝධතා…