ගරු- විදුහල්පති නැවත වර්ජන සුදානමක

1994 දි ගුරු සේවය දිනා ගත් අතර එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ආයතන අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිති, අධ්‍යාපනඥ සේවා සංගම්, විදුහල්පති සහ ගුරු වෘත්තිය සමිති එක්ව එකගත්වය කින් නිර්මාණය වූ බවත් එම සියලු දෙනාම අනුමත කල බවත් කියන්න ඕන. .

මෙම සකස් කළ ගුරු සේවා වෙ වැටුප් දීපව්‍යාප්ත සේවා මට්ටමේ විය.

ඉන්පසු බීසි පෙරේරා වැටුප් කොමිසම රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිව්‍යුහ ගත කිරීම එහි අරමුණ විය.

එභිදී ගුරු වරවරියන් ගුරු සේවයට පෙර තිබූ වැටුප් මට්ටමට පහල දැමීම ආරම්භ කල අතර , එය ඉන් පසු ලයනල් ප්‍රනාන්දු වැටුප් කොමිසම ගුරු විදුහල්පති වැටුප් බරපතල ලෙස පහලට ඇද දැමීමට කටයුතු කලේය. මෙහි දි ගුරු විදුහල්පති වැටුප් මංකොල්ල කෑමක් සිදුවූ බව කීම අතිශයෝක්තියක් නොවේ.

මෙහිදී 6/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ය හුදෙක් වැටුප් චක්‍රලේඛ යකට එහාට ගිය වැටුප් ප්‍රතිපත්තියක් විය.
6/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් ගුරු සේවයෙන්,

පලමුවන පංතියෙන් , රුපියල් – 15055/=
දෙවන පංතිය i ශ්‍රේණිය – 11225/=
දෙවන පංතිය ii ශ්‍රේණිය – 6875/= උදුරා ගන්නා ලද අතර,

විදුහල්පති සේවයෙන්
1 පංතියෙන් 14290/=
2 පංතියෙන් 10805/=
3 පංතියෙන් 5875/= මුදලක් උදුරා ගැනීමට මෙම චක්‍රලේඛ ය සමත් විය.

මේ මුදල් මංකොල්ල කෑම නැතහොත් උදුරා ගැනීම සෑම මසකම මේ ආකාරයට සිදු විය. දීපව්‍යාප්ත සේවා මට්ටමේ සිටි ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් අව ප්‍රමාන කිරීමෙන් වැටුප් වල ඒ ඒ පංතියේ පලමුවන පියවරෙහි විසමතාව මෙහි දක්වා ඇත. මේ තත්ත්වය වර්ථමාන රජයේ රු: 10,000/= ක වැටුප් වැඩි වීම තුළ උග්‍ර විය. එය එකතු කරන්න වූයේ 6/2006 වැටුප් ප්‍රතිපත්තියට අනුව ය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් බරපතල ලෙස පහත හෙලීමෙදී, මේ පිරිස ගෙන් බහුතරය පුහුණු උපාධි ධාරීන් බවවත්, අමතක කරන වැටුප් කොමිසම. වසර 2000 දී සියලු ගුරු විදුහල්පති වෘත්තිකයන් පුහුණු උපාධි ධාරීන් කරන බවට 94 දී ගත් තීන්දුව ක්‍රියාත්මක නොකලේ රජය සහ නිලධාරී තන්ත්‍ර යයි. 1994 දී එකම වැටුප ගත් කණ්ඩායම් මේ ආකාරයට පහත දැමීමම අගති ගාමි ක්‍රියාවකි. කෙසේ වෙතත් වර්තමානයේ තත්වය ඉතාමත් නරක් අතට හැරී ඇත.

ගුරු සේවයේ පළමු පංතිය විෂමතාව – රුපියල් 31225/= බවට පත්විය.
2 පංතිය – 1 ශ්‍රේණිය 23420/=
2 පංතිය – 11 ශ්‍රේණිය 14315/=

විදුහල්පති වැටුප් විෂමතාව.
1 පංතිය 29850/=
2 පංතිය 24850/=
3 පංතිය 22518/=

මේ ඉතාමත් නරකම තත්වයක්, මේ තත්වය තුල නවක ගුරු වරවරියන් ලෙස දක්ෂ උපධිධාරීන් ආකර්ෂණය කර ගැනීමට ගුරු විදුහල්පති සේවා සමත් නැත. දක්ෂ උපාධි ධාරින් මෙන්ම විද්‍යා කෘෂි විද්‍යා ඉංග්‍රීසි උපාධි ධාරින්, දැනටමත් ගුරු සේවය ට නොපැමිණීම ට හේතුව ගුරු විදුහල්පති වැටුප් මංකොල්ල කෑමය.

මෙය බර පතල තත්ත්වයකි එය ඔබේ දරුවාට දක්ෂ ගුරු වරවරියකගේ සේවය අහිමි කර තිබේ. මේ තත්වය වෙනස් කිරීමට රජය මැදිහත් විය යුතු බව කිවයුතුය. මේතත්වය රජය නොසලකා හැරීම සහ මාර්තු 13 හා සැප්තැම්බර් 26 – 27 ගුරු විදුහල්පති වෘත්තිකයන් ගත් ක්‍රියා මාර්ග වලට කිසිදු ප්‍රතිචාරයක් රජය මේ වන තෙක් දක්වා නැත.

ඉදින් රජයේ ඇස් ඇරවීමට

අප ඔක්තෝබර්, 7-8-9-10-11 දින 5 ක වැඩවර්ජනයක් , ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

(ගරු-විදුහල්පති වෘත්තීය සමිති සකස් කළ පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435