
රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් මගියෙකු අද (30) උදෑසන ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් (1,30,00,000) ක් බවත් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියා දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ
නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු අද උදෑසන 8.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහුගේ මුදල් පසුම්බියේ සහ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මෙම කිලෝ ග්‍රෑම් 02 ක් බර රන් බිස්කට් 20 සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි .
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක ,හසන්ත ගුරුගේ , ශ්‍රී ලාල් විජේවර්ධන සහ රසික සමන්ජිත් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන කේ.එච්.පී.කුමාරසිරි සහ තිස්ස ප්‍රියන්ත ද සිල්වා යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .
මූලාශ්‍රය – අද දෙරණ
වැඩබිම