කොරියානු නීතිය අනුව හිමි කම්කරු අයිතිවාසිකම්

ජාතික කම්කරු සම්බන්ධතා පනත අදාලවීම
  • සම්මත කම්කරු පනත, අවම වැටුප් පනත , කාර්මික සුරක්ෂිතතාවය සෞඛ්‍ය පනත ආදී ජාතික කම්කරු සම්බන්ධතා පනත විදේශිය සහ කොරියානු ජාතිකයන්ට සමානව බලපැවැත්වේ.
  • සේවා ගිවිසුමට පටහැනිව ක‍්‍රියා කිරීම, අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම ආදී සේවා යොජකයන්ගේ පාර්ශවයෙන් විය හැකි නීතිවිරෝධි සහ අසාධාරණ කටයුතු වලට එරෙහිව කටයුතු කරමින් හිමිකම් සුරක්ෂිත කිරීම සදහා සේවා කොන්දේසි වර්ධන දෙපාර්තමේන්තුව සහ කම්කරු සම්බන්ධතා කොමිසම කටයුතු කරනු ලැබේ.
  • කෙසේ නමුදු නිවාස ආශ‍්‍රිතව සහ සාත්තු සේවක කටයුතූ වල නිරත වන සේවකයන් සදහා මෙම පනත අදාල නොවේ. ( විදේශීය සහ කොරියානු ජාතිකයන්ට සමානව බලපැවැත්වේ.)
  • සේවා කාලය, නිවාඩු දින, විවේක කාලය යනාදී සම්මත කම්කරු පනතෙහි අදාල කරුණු කෘෂිකාර්මික, සත්තව පාලනය සහ ධීවර ක්ෂේත‍්‍රයන්හි සේවයෙහි නිරත විදේශ සේවකයන් සදහා අදාල නොවේ.
සම්මත කම්කරු පනත
  • සතියක (දිනකට පැය 8 බැගින්) කාල සීමාවක් තුල සම්මත සේවා කාලය පැය 40කි (44). පාර්ශවයන් අතර ඇතිවන එකගතාවය මත සේවා කාලය වෙනස් විය හැක.
  • සේවා ගිවිසුමෙහි සදහන්ව ඇති දිනට සේවක වැටුප මුදලින් හෝ බැංකු ගිණුමකට බැර කිරීමෙන් ලබා දෙනු ලැබේ.
  • අතිරික්ත සේවා හෝ රාත‍්‍රී සේවා (22:00-06:00) සදහා හෝ නිවාඩු දින සේවා සදහා විදේශ සේවකයන්ට අතිරික්ත වැටුපක් ලබා ගත හැක. (සේවකයන් 4 වඩා කට අඩු සේවක පිරිසක් සහිත ආයතන සදහා අදාල නොවේ.)
  • වසරකකට වඩා වැඩි අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරනු ලැබූ විදේශ සේවකයන් සදහා විශ‍්‍රාම වැටුපක් ලැබෙනු ඇත. (සේවකයන් 4 වඩා කට අඩු සේවක පිරිසක් සහිත ආයතන සදහා අදාල නොවේ.)
අවම වැටුප් පනත

නීතියෙහි සදහන්ව ඇති අවම වැටුප් තලයට වඩා වැඩි වැටුපක් විදේශ සේවකයන්ට ලැබිය හැක.

කාර්මික අනතුරු හානිපූරණ රක්ෂණ පනත

සේවයෙහි නිරත වන අතරතුරදී සිදුවන අනතුරු හෝ රෝග සදහා වෛද්‍ය ප‍්‍රතිකාර හෝ ප‍්‍රතිලාභ, සේවයෙන් පහ කිරීම වෙනුවෙන් හානිපූරණය, අංගවිකලවීම් වෙනුවෙන් හානිපූරණය, වියෝවීම හේතුවෙන් පවුලේ ඥාතීන් වෙනුවෙන් ලබාදෙනු ලබන ප‍්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇත.

සමාජ රක්ෂණය අදාලවීම

කාර්මික අනතුරු හානිපූරණ රක්ෂණය, ජාතික සෞඛ්‍ය රක්ෂණය, ජාතික විශ‍්‍රාම වැටුප (වෙනස්වීම සම්බන්ධ පනත අදාල වේ.) අදාල වේ.

වෙනස් ලෙස සැලකීම තහනම් වේ.
  • විදේශ සේවකයන්ට වෙනස් ලෙස සැලකීම, පනතෙහි පරිච්ෙඡ්ද අංක 22 ට අදාල ලෙස තහනම් වේ.( වෙනස් ලෙස සැලකීම තහනම් වේ.)
  • කෙසේ වුවද විදේශ සේවකයන්ගේ ඵලදායීතාවය සහ ප‍්‍රමාණාත්මකතාවය අනුව එසේ සැලකීම අනුමත කල හැක.
සේවා කාලය පිලිබද කොන්දේසි
  • විදේශීය සේවයකුට උපරිම ලෙස වසර 3ක කාලයක් කොරියාවෙහි සේවය කිරීමේ හැකියාවක් පවතින අතර පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් නොමැත. සේවා කාලය අවසන් වීමත් සමගින් විදේශීය සේවකයන් කොරියාවන් පිටවිය යුතු අතර නැවත සේවය කිරීම, පිටත් වීමෙන් මාස 6කට පසු ෑඡුී පනතට අදාලව සිදුකල හැක. (සේවා තහනම් කාලය) (විදේශ ශ‍්‍රමිකයන්ගේ රැකියා ආඥපනතෙහි අංක 18ට අදාලව වැනි)
  • කෙසේ වුවද සේවකයන්ගේ විගමනයට පෙර සේවා යෝජකයන් විසින් ඉල්ලූම් කරන්නේ නම් ගිවිසුමෙහි තාවකාලික නැවතුම් කාලය වසර 2ක් ඇතුලත එක් වරක් පමණක් දීර්ඝ කිරීමේ හැකියාවක් ඇත. (විදේශ සේවකයන් සදහා වන සේවා පනතෙහි පරිච්ෙඡ්ද අංක 18ට අදාලව)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435