කොරියානු දණ්ඩ නීති සංග්‍රහය

කොරියානු දණ්ඩ නීති සංග්‍රහය

කොරියානු දණ්ඩ නීති සංග්‍රහය වගන්ති 372 කින් සමන්විත වන අතර ඒවා සාමාන්‍ය විධිවිධාන අඩංගු පරිච්ඡේද 4ක් හා විශේෂිත විධිවිධාන අඩංගු පරිච්ඡේද 42ක් යටතේ දක්වා ඇත.  අනාචාරය හා ගබ්සා කිරිම කොරියානු දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වේ.

කොරියානු දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි ලෙස,

  1. කැරැල්ලක් ඇති කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම
  2. විදේශීය අර්බුද සඳහා කුමන්ත්‍රණය කිරීම
  3. ජාතික කොඩිය හා සම්බන්ධ අපරාධ
  4. තානාපති සබඳතා හා සම්බන්ධ අපරාධ
  5. මහජන සාමය කඩ කිරීම
  6. පුපුරණ ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ
  7. රජයේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු හා සම්බන්ධ අපරාධ
  8. රජයේ නිලධාරියකුගේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම
  9. නීතිය මඟ හැර සිටින තැනැත්තකු හෝ අපරාධකරුවකු සඟවා තබා ගැනීම
  10. බොරු සාක්ෂි දීම හා සාක්ෂි විනාශ කිරීම
  11. කෙනෙකු පිළිබඳව ද්වේශ සහගත හෝ අසත්‍ය කථා කීම (සාවද්‍ය චෝදනා නැඟීම)
  12. මළ සිරුරක් හා සුසාන භූමියක් අපවිත්‍ර කිරීම
  13. දේපළ ගිනි තැබීම සහ අහඹු ගිනි ගැනීම්
  14. වාරිමාර්ග හා ජලපාලනය හා සම්බන්ධ අපරාධ
  15. ගමනාගමන කටයුතු හා සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම
  16. පානීය ජලය හා සම්බන්ධ අපරාධ (ජලයට වස දැමීම)
  17. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ
  18. මුදල් හා සම්බන්ධ අපරාධ (හොර නෝට්ටු)
  19. චෙක්පත්, බැඳුම්කර, කොටස් පිළිබඳ අපරාධ (හොර අත්සන් තැබීම)
  20. කූට ලේඛන සෑදීම (පොදු හා පෞද්ගලික)
  21. හොර නිල මුද්‍රා සැකසීම
  22. අනාචාරය හා සම්බන්ධ අපරාධ

 

කොරියානු දණ්ඩ නීති සංග්‍රහය තුළ දැනුදු අනාචාරය පිළිබඳ විධිවිධාන ඇතුළත් වේ.  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිතියට පටහැනි වේ ද යන්න වර්තමානයේ දී මතභේදයට තුඩු දී තිබේ.

  1. ලොතරැයි ටිකට්පත් හා සම්බන්ධ අපරාධ
  2. මනුෂ්‍ය ඝාතනය

දෙමව්පියන් ඝාතනය සම්බන්ධයෙන් කොරියානු දණ්ඩ නීති සංග්‍රහය තුළ දැඩි දඬුවම් දක්වා ඇත.  එය කොන්ෆියුසියානු දර්ශනය අනුව විය හැකිය.

  1. තුවාළ සිදු කිරීම හා සැහැසිකම
  2. අත්වැරැද්දෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුවීම හා තුවාළ සිදු වීම
  3. ගබ්සා කිරීම
  4. පුද්ගලයකු අත්හැර දැමීම හා ඔහුට අයුතු ලෙස සැලකීම
  5. නීති විරෝධී සිරගත කිරීම හා රඳවා තැබීම
  6. අයුතු බලපෑම් කිරිම
  7. අපහරණය (පැහැරගෙන යාම)
  8. ස්ත්‍රී දූෂණය හා අශ්ශීල ක්‍රියා සිදු කිරීම
  9. චරිත ඝාතනය (නින්දා අපහාස කිරීම)
  10. අසත්‍ය කථා පැතිරවීම
  11. රහසිගත තොරතුරු හෙළිදරව් කිරීම
  12. අයුතු ලෙස ඇතුළුවීම
  13. වෙනත් තැනැත්තන්ගේ නීතිමය අයිතිවාසිකම්වලට බාධා කිරීම
  14. සොරකම හා ගෙවල් බිඳීම
  15. වංචාව සහ තර්ජනය කිරීම
  16. විශ්වාසය කඩ කිරිම හා මුදල් වංචා කිරීම
  17. සොර බඩු සම්බන්ධයෙන් ගණුදෙනු සිදු කිරීම
  18. වෙනත් තැනැත්තන්ගේ දේපළ විනාශ කිරීම

කොරියානු ජනරජය තුළට ඇතුළු වීම

කොරියානු ජනරජය තුළට ඇතුළුවීමට අපේක්ෂා කරන තැනැත්තන් සතුව වලංගු ගමන් බලපත්‍රයක් හා අධිකරණ අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද වීසා බලපත්‍රයක් තිබිය යුතු ය.  රට තුළ සිටින අතරවාරයෙහි ඔබේ ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය කල් ඉකුත්වන දින පිළිබඳව පරීක්ෂාකාරීව සිටීමට අමතක නොකරන්න.  ඔබට අවසර දී ඇති කාලය ඉක්මවා කොරියාවේ රැඳී සිටීම හේතුවෙන් පැන නැගිය හැකි විවිධ දුෂ්කරතා වළක්වා ගැනීමට ඉන් ඔබට හැකි වේ.  ඔබගේ ගමන් බලපත්‍රය විවිධ කරුණු සඳහා අවශ්‍ය විය හැකි හෙයින් එය සෑම විටම ඔබ ළඟ තබා ගැනීමට අමතක නොකරන්න.

විදේශිකයන් ලියාපදිංචි කිරීම

දින 90 කට වඩා කොරියානු ජනරජයේ රැඳී සිටීමට අපේක්ෂා කරන තැනැත්තකු, දින 90ක් තුළ විදේශිකයකු ලෙස ලියාපදිංචි වීම අවශ්‍ය ය.  ඔබගේ ගමන් බලපත්‍රය අනුව, කොරියාවේ රැඳී සිටින කාලය දින 59ක් නම්, ඔබ දින 59ක් ඉක්මවා යාමට පෙර බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා අයදුම් කළ යුතු ය.  යම් තැනැත්තකුට කොරියාවේ රෑඳී සිටීම සඳහා අවසරය ලැබී ඇත්නම්, හෝ ඔහුගේ හෝ ඇයගේ වීසා තත්වය වෙනස් වී ඇත්නම් එම වෙනස සිදු වූ වහාම විදේශිකයකු ලෙස ලියාපදිංචිය ලබා ගත යුතුය.  විදේශිකයකු ලෙස ලියාපදිංචි කිරීමේ කාඩ්පත ලබා ගැනීම සඳහා ස්වදේශීය ආගමන විගමන කාර්යාල විමසිය යුතුය.  (දුරකථන අංකය: 1345)

රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීම

අවසරලත් කාලසීමාව ඉක්මවා කොරියාවේ රැඳී සිටීමට අවශ්‍ය කරන විදේශීය ජාතිකයන් විසින් තමන් රෑඳී සිටින කාලය දීර්ඝ කර ගත යුතු ය.  කාලය ඉක්ම යාමෙන් පසුව දීර්ඝ කිරීම සඳහා අයදුම් කරනු ලැබුවහොත්, ඔවුන්ගෙන් දඩයක් අය කෙරනු ඇත.  රැඳී සිටීමට අවසරලත් කාලය අවසාන වීමේ දිනයට පෙර දිනයේ දී අයදුම්පතක් ඉදිරිපත් කිරිමට හැකියාව තිබුණ ද එවිට දීර්ඝ කිරීම ලබා නොදීමට ඉඩ තිඛෙන අතර, ඒ අනුව ඔබ එහි තවදුරටත් රැඳී සිටීම නීති විරෝධී වනු  ඇත.  එහෙයින් කල්තබා අයදුම් කිරිම යෙහෙකි.  දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත් දේශීය ආගමන විගමන කාර්යාලවලින් හෝ ශාඛා කාර්යාලවලින් ලබා ගත හැකිය.

වීසා තත්වය වෙනස් කර ගැනීම

ස්වකීය වීසා තත්වය වෙනස් කර ගැනීමට අවශ්‍ය විදේශීය ජාතිකයන් ඒ සඳහා ස්වදේශීය ආගමන විගමන කාර්යාලයෙන් අනුමැතිය ලබා ගැනීම අවශ්‍යය.

  • කෙටිකාලීන ව්‍යාපාරික වීසා හිමි විදේශීය ජාතිකයන් (C-2)
  • කොරියාවේ ආයෝජනය කිරීමට අදහස් කරන විදේශීය ජාතිකයන් (D-8)
  • භාෂා පුහුණුව අවසන් කර ඇති විදේශීය ජාතිකයන් (D-4)
  • කොරියාවේ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය විදේශීය ජාතිකයන් (D-2)
  • කොරියානු ජාතිකයකු සමඟ විවාහ වීමෙන් පසුව තම වීසා තත්වය වෙනස් කර ගැනීමට අපේක්ෂා කරන විදේශීය ජාතිකයන් (F-2)

වීසා තත්වයට පරිබාහිර වෙනත් ක්‍රියාකාරකම්

(දින 90 කෙටිකාලීන වීසා හැර), දින 90කට වඩා වැඩි කාලයක් කොරියාවේ රැඳී සිටින විදේශීය ජාතිකයන්ට, තම වර්තමාන වීසා තත්වය යටතේ අවසර දී නැති ක්‍රියාකාරකම්වල නිරතවීමට අවශ්‍ය නම්, එම ක්‍රියාකාරකම්වල නිරත වීම සඳහා අවසර ලබා ගැනීම අවශ්‍ය වේ.

  • විදේශීය සිසුන් (D-2) අධ්‍යාපනය ලබන අතරතුර අර්ධ කාලීන රැකියාවක් කිරීම (S-3)
  • ආගමික ක්‍රියාකාරකම්වල නිරත දූත මෙහෙවරවල් (D-6) විසින් විශ්වවිද්‍යාලයක සිසුන්ට ඉගැන්වීමට අපේක්ෂා කිරීම (E-1)

කොරියාවට නැවත ඇතුළුවීමේ අවසරය

දින 90කට වඩා වැඩි කාලයක් කොරියාවේ රැඳී සිටින හා තමාට අවසරය ලැබී ඇති කාලය තුළ කොරියාවෙන් බැහැරව ගොස් ආපසු කොරියාවට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ජාතිකයන් විසින් කොරියාවෙන් බැහැරව යාමට පෙර දේශීය ආගමන විගමන කාර්යාලයෙන්, නැවත ඇතුළුවීමේ බලපත්‍රයක් ලබා ගත යුතු ය.  විදේශීකයකු රෑඳී සිටින ස්ථානය කුමක් වුවද, ඔහු හෝ ඇය කොරියාවෙන් බැහැරව යන දිනයේ දී ම, තමා පිටත්වන ගුවන් තොටුපළේ දී හෝ වරායේ දී තනි නැවත ඇතුළුවීමේ බලපත්‍රයක් ලබා ගත හැකිය.  නැවත ඇතුළුවීමේ බලපත්‍රයක් නොමැතිව යම් තැනැත්තකු කොරියාවෙන් බැහැරව යන්නේ නම් හෝ නැවත පැමිණීම සඳහා ඉඩ දෙන ලද කාලය ඇතුළත කොරියාවට නැවත නොපැමිණෙන්නේ නම් ඒ තැනැත්තාගේ දැනට පවතින වීසා බලපත්‍රය අවලංගු වනු ඇත. සැලකිලිමත් වන්න.

කොරියානු ජාතිකයන්ගේ විදේශීය ස්වාමිපුරුෂයන්ට හෝ භාර්යාවන්ට (F-2-1 වීසා මත), ඔවුන්ගේ වීසා බලපත්‍රයේ වලංගු කාලය ඇතුළත කිහිප වාරයක් බැහැරව ගොස් යළි පැමිණීමට ඉඩ දෙනු ලැබේ.  එහෙත්, F-2-1 වීසා බලපත්‍රයක් දරන තැනැත්තකු, දික්කසාද නඩුවක් දමනු ලැබ වරකට මාස 3 බැගින් රට තුළ රැඳී සිටින කාලය දීර්ඝ කර ගනු ලබන්නේ නම් තනි ආපසු ඇතුළුවීමේ බලපත්‍රයක් පමණක් නිකුත් කරනු ලැබේ. නැවත ඇතුළුවීමේ බලපත්‍රයක් ලබා ගෙන රටින් පිටව යන, එහෙත් යළි රටට පැමිණීමට අපොහොසත් වන විදේශීය ජාතිකයකුට කොරියානු තානාපති කාර්යාලයකින් හෝ කොන්සල් කාර්යාලයකින් නැවත ඇතුළුවීමේ බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කළ හැකිය.

නිත්‍ය පදිංචිය ලබා ගැනීම

පහත සඳහන් තැනැත්තන්ට නිත්‍ය පදිංචිය සඳහා අයදුම් කිරිමේ හිමිකම තිබේ.

  • අවුරුදු පහකට වඩා වැඩි කාලයක් කොරියාවේ සිටින තැනැත්තකු
  • කොරියානු ජාතිකයකු සමඟ විවාහ වී සිටින විදේශීය ජාතිකයකු
  • කොරියාව තුළ ස්ථීර පදිංචිය ඇති තැනැත්තකුගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හා බාලවයස්කාර ළමුන්
  • ඇ.එ.ජ. ඩොලර් 500,000 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කර ඇති විදේශීය ජාතිකයන්
  • ඇතැම් වෙනත් අවශ්‍යතා සපුරාලන්නා වූ ද, වෙනත් රටක පුරවැසියන් වන්නා වූ ද කොරියානු ජාතිකයන්
  • කොරියාව තුළ ඉපදී, කොරියාව තුළ ජීවත් වන චීන ජාතිකයන්
  • නවීන තාක්ෂණය පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි තැනැත්තකු
  • නවීන තාක්ෂණය හා සම්බන්ධ සහතිකලත් උපාධිධාරීන්
  • විශේෂයෙන් අවශ්‍ය කරන ක්ෂේත්‍රවල විශේෂිත හැකියාවන්ගෙන් යුත් තැනැත්තන්
  • විශේෂිත කුසලතාවයන් සහිත තැනැත්තකු
  • විශ්‍රාම වැටුපක ප්‍රතිලාභියෙකු
  • විවාහවීම සඳහා කොරියාවට පැමිණෙන විදේශීය ජාතිකයන්

කොරියානු ජාතිකයකු සමඟ විවාහ වී සිටින විදේශීය  ජාතිකයකුට පහත සඳහන් අවස්ථාවලදී ස්වකීය තත්වය වෙනස් කර ගැනීම සඳහා අයදුම් කිරීම මගින් ස්ථීර පදිංචිය ලබා ගත හැකිය.  එනම්,

  1. ඔහු හෝ ඇය වසර දෙකකට වඩා වැඩි කාලයක් කොරියාවේ ජීවත්ව සිට ඇත්නම්.
  2. සිය කොරියානු ජාතික ස්වාමිපුරුෂයා හෝ භාර්යාව මිය ගොස් ඇත්නම් හෝ ඔහු හෝ ඇය අතුරුදන් වී ඇති බවට අධිකරණයක් මගින් තීරණය කොට ඇත්නම්.
  3. සිය කොරියානු ජාතික ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දික්කසාද කර ඇත්නම් හෝ ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන් වී ජීවත් වේ නම් හා එම තත්වය (එනම් දික්කසාදය හෝ වෙනම ජීවත්වීම) සඳහා ඔහු හෝ ඇය වගකිව යුතු නොවන බවට ඔප්පු කර ඇත්නම්.
  4. ඔහු හෝ ඇය විවාහයෙන් උපන්, බාල වයස්කාර දරුවන් සම්බන්ධයෙන් වගකීම දරයි නම්.

 

පුරවැසිභාවය ලබා ගැනීම

පහත සඳහන් තැනැත්තන්ට, නිත්‍ය පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අයිතිවාසිකමක් ඇත.

  • වසර පහකට වඩා වැඩි කාලයක් කොරියාවේ ජීවත් වී ඇති තැනැත්තන්ත
  • අවුරුදු තුනක් හෝ ඊට වැඩි කාලයක් කොරියාවේ ජීවත් වී ඇති කොරියාවේ ඉපදුනු විදේශිකයන්ට, ඔවුන්ගේ මව හෝ පියා කොරියානු පුරවැසියකු වී නම් හෝ ඔවුන්ගේ මව හෝ පියා කොරියාවේ ඉපදී ඇත්නම් කොරියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකියත.
  • කොරියානු ජාතිකයකු සමඟ විවාහ වී සිටින හා වසර දෙකකට වැඩි කාලයක් කොරියාවේ රෑඳී සිටින විදේශීය ජාතිකයකුට.
  • යම් තැනැත්තකුගේ පියා හෝ මව කොරියානු ජාතිකයකු නම් එවැනි තැනැත්තකුට.
  • යම් ළමයෙකුගේ පියාට හෝ මවට ලියාපදිංචිය මගින් කොරියාවේ පුරවැසිභාවය ලැබී තිබේ නම්, එම ළමයාට ඔහුගේ වයස, විවාහක අවිවාහක තත්වය හෝ ඔහු කොරියාව තුළ රෑඳී සිටි කාලය නොසලකා කොරියාවේ විශේෂිත ලියාපදිංචිය සඳහා අයදුම් කළ හැකිය.
  • කොරියානු ජනරජයට යම් විශේෂිත දායකත්වයක් සපයා ඇති තැනැත්තන්ට.
  • විවාහය සඳහා කොරියාව වෙත ආගමනය වන තැනැත්තන්.

කොරියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට සුදුසුකම් ලබන වෙනත් තැනැත්තන් පහත දැක්වේ.

  1. කොරියාවට පැමිණ, විදේශිකයකු ලෙස ලියාපදිංචි වී වසර දෙකකට වැඩි කාලයක් කොරියාවේ නීත්‍යානුකූල ලෙස රෑඳී සිටින තැනැත්තන්ත
  2. වසර තුනකට වැඩි කාලයක් තිස්සේ කොරියානු ජාතිකයකු සමඟ විවාහ වී සිටින හා එක් අවුරුද්දකට වැඩි කාලයක් කොරියාවේ රැඳී සිට ඇති විදේශීය ජාතිකයන්ත
  3. කොරියාවේ ජිවත් වන්නා වූ ද, සිය කොරියානු ජාතික ස්වාමි පුරුෂයා හෝ භාර්යාව මියගොස් ඇත්තා වූ ද, යම් වැන්දඹු බිරිඳක් හෝ වැන්දඹු පුරුෂයකුට (හෝ සිය කොරියානු ජාතික ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අතුරුදන් වී ඇති බැව් ප්‍රකාශ කරනු ලැබ ඇති විදේශීය ජාතික ස්වාමිපුරුෂයකු හෝ භාර්යාවක්) සහ
  4. කොරියානු ජාතිකයකු සමඟ වූ විවාහයකින් උපත ලද බාල වයස්කාර දරුවන් ඇතිදැඩි කිරීමේ වගකීම දරන විදේශීය ජාතිකයන්.
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435