
කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සහ දුරස්ථව රාජකාරි කටයුතු ඉටුකිරීමේ වැඩපිළිවෙල යටතේ මහජනතාවට අඛණ්ඩව සේවා ලබාදෙන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
රටපුරා ඇති කම්කරු කාර්යාල වලින් ද මහජනතාවට අඛණ්ඩව සේවා ලබාදීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර පතිබේ.
කෙසේ වෙතත්, එම නිවේදනයේ දැක්වෙන්නේ කම්කරු දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඕනෑම ලිඛිත පැමිණිල්ලක් හෝ ලිඛිත විමසීමක් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා ඇති බල ප්‍රදේශයට අයත් කම්කරු කාර්යාල වෙත යොමු කළ හැකි බවය.
ඒ සඳහා එම කාර්යාල වලට අදාළ දුරකථන අංක හා විද්‍යුත් ලිපිනයන් කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි http://labourdept.gov.lk/images/PDF_upload/notices/contacts%20by%20type.pdf සැබැඳීයට පිවිස ලබා ගත හැකි බවද සඳහන් වේ.
එමෙන්ම කම්කරු දෙපාර්මේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිතව පවතින එක් එක් අංශයන්ට අදාළ සේවාන් සම්බන්ධයෙන් පහත සඳහන් මාධ්‍ය ඔස්සේ ලිඛත විමසීම් සිදු කළ හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

