ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයින් 13ක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබෙන බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් හලාවත ප්‍රදේශයෙන්, බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් තිබේ.

ඔවුන් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුණි.

මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435