ඕමානයේ අවතැන්වූ ලාංකිකයින් 291 ක් දිවයිනට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අවතැන් වූ ශ්‍රී ලංකිකයින් 291 දෙනෙක් මව්බිමට පිටත් කළ බව ඕමාන් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය, COVID-19 පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග එක්ව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 206 ගුවන් යානයෙන් තවත් ශ්‍රී ලංකිකයන් 291 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මස්කට් සිට කොළඹ දක්වා අද (2020 නොවැම්බර් 26) දින පිටත් කර ඇ‌ත.

මෙම කණ්ඩායමට මූලික වශයෙන් හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් මෙන්ම රැකියා අහිමිවූවන්, සුරක්ෂා නිවාස රැඳවියන් සහ නිදහස් වූ සිරකරුවන් ද ඇතුළත් ය.

ඕමානයේ විවිධ බන්ධනාගාර වලින් නිදහස් වූ ශ්‍රී ලංකික සිරකරුවන් 34 දෙනෙකු ආපසු සිය මව්බිමට යැවීමට පහසුකම් සැලසීම පිළිබඳව ඕමාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ඕමාන් රාජ්‍යයේ බන්ධනාගාර බලධාරීන්ට සිය කෘතඤතාව පළ කළේය.

සියරට යැවූ ශ්‍රී ලංකිකයන් 291 දෙනාට නවාතැන්, ආහාර සහ අනෙකුත් පහසුකම් දින 14 ක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි නොමිලේ ලබා දෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435