ඉතාලියේ පදිංචිව සිටින ලාංකිකයා නීති විරෝධී දෑ සමඟ මෙරටදී කොටු වෙයි

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද බව කියන රුපියල් ලක්ෂ 06කට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් බෝතල් 111ක්  සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(14) දහවල් මාරවිල – මූදුකටුව ප්‍රදේශයේදී සිදු කරන ලද මෙම වැටලීමේදී එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි අයෙකුව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් කාලයක සිට ඉතාලියේ පදිංචිව සිටින පුද්ගලයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ නිශ්කාශනය කිරීමේ කටයුතු සිදු කිරීමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇත.

සැකකරුද වසර 16 ක පමණ කාලයක් ඉතාලියේ පදිංචිව සිටින අයෙකු බවත්, ඔහු නිරන්තර මෙරටට පැමිණ තම ව්‍යාපාරික කටයුතු සිදු කර ඇති බවද විමර්ශණ වලදී හෙළිවී ඇත.

සැකකරු ඉතාලියේ සිට එවන ලද සුඛෝපභෝගී මෙට්ට තොගයක් තුළ මෙම මත්පැන් තොඟය සඟවා තිබී ඇත.

මත්පැන් තොඟය සඟවා තිබූ මෙට්ට ඔරුගොඩවත්ත නිශ්කාශන මධ්‍යස්ථානයෙන් පසුගිය 12 වැනිදා සැකකරු විසින් නිදහස් කර ගෙන ඇති බවද වැටලීම කළ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ ඔහු සතුව තිබූ මත්පැන් තොඟය අද(15) මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඒ.ආර්.ලැම්බට්, සුරාබදු පරීක්ෂක  අඛිල රත්නමළල විතාන, සුරාබදු නියාමකයින් වන ජගත්, රඛිත, ශක්ති සහ ප්‍රනාන්දු යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435