ඉතාලියේදී මිය ගිය ලාංකිකයා ගැන තොරතුරු සොයයි!

ඉතාලියේ මිලාන් නුවරදී මිය ගිය ලාංකිකයෙකු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය තොරතුරු සොයයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මිලාන්හි සිටි හෙට්ටිගේ දොන් රාජා සරත් චන්ද්‍රසේන යන අයයි. මොහු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර 1968 වර්ෂයේ සැප්තැම්බර් 23 වෙනි දින උපන් අයෙක් බවට කරුණු අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙකු හෝ ඔහුගේ පවුලේ ඥාතීන් පිලිබඳව දන්නා අයෙකු වේ නම් වහාම කොළඹ 01 ,ජනාධිපති මාවතේ ,සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙතට දන්වන ලෙසට අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම් 011/2 338 836 මෙම දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435