ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ට නියමිත දිනට වැටුප් නෑ

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හට දැනට ලැබෙන මූලික වැටුප හෝ නියමිත දිනට නොලැබෙන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ එම දීමනාව හෝ නියමිත දිනට ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පසුගිය මාස කිහිපයේදීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින්ට ලැබුණේ සම්පූර්ණ වැටුප නොව දීමනා, අතිකාල නොමැතිව මූලික වැටුප පමණක් බව ඔබතුමාද දැනුවත් ඇතැයි සිතමු. එයද දින කිහිපයක් ප්‍රමාදවී හෝ කොටස් වශයෙන් ලද අවස්ථා බහුල වූ අතර මෙම නොවැම්බර් මාසයේ වැටුප මේ වනතෙක් ලබාදී නැත.

දැනට සේවකයන් ගන්නා වැටුප මාසයක් නොව සතියක් ගත වන විට අවසන්වන තත්වයකදී දින කිහිපයක් වැටුප් නොලැබීම යනු කිසිසේත්ම දරාගත නොහැකි අතර ජීවිකාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව අසීරුතාවයට පත්වී ඇත. තවද කොරෝනා අවධානම නිසා සේවක සේවිකාවන්ගේ ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවී ඇති අතර තවමත් ප‍්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇත. මෙනිසාම සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව දැන ගැනීමට ඇත. මෙම තත්වය වර්ධනය උවහොත් ආරවුල් තත්වයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ ඇති අතර එවැනි තත්වයක් පාලනය කිරීමේ හෝ සමනය කිරීමේ හැකියාවක් අපට නැත.

එබැවින් මෙම තත්වයට හැකි ඉක්මනින් මැදිහත්වන ලෙසත්, මෙම මස වැටුප හැකි ඉක්මනින් ලබාදීමටද, ලබන මස සිට නියමිත දිනට සියළු දීමනා සහිතව වැටුප ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435