[VIDEO] අහංකාර බහරේන් ජාතිකයන් නිසා පීඩා විඳින සංක්‍රමණික සේවකයෝ

කටාර්, බහරේන් සහ සෞදි අරාබිය වැනි ගල්ෆ් රටාවල අඩු වැටුපකට සේවය කරන මිලියන ගණනක සංක්‍රමණික කම්කරුවන්ගේ තත්වය පිළිබඳ නරඹන්නන්ට අවබෝධයක් ලබාදීම සඳහා කෙටි වීඩියෝ පට කිහිපයක් එළිදක්වා තිබේ.

මෙහි දැක්වෙන්නේ බහරේනයේ සිදුවන එවැනි සිදුවීමකි.

විනාඩි දෙක හමාරක කාලයක් දිවෙන එක් වීඩියෝ පටයක් මගින් ආසියානු සිල්ලර වෙළඳ සැලක ලිපිකරු වශයෙන් සේවය කරන පුද්ගලයෙකුට, තම මෝටර් රථ වලින් බැස ඒමට මැලිකමක් දක්වන, එහි සිටම භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමට සිදුවී ඇති කනගාටුදායක තත්වය පෙන්නුම් කර දෙයි.

පාරිභෝගියන් මෝටර් රථයේ සිටම කතා කරන්නේ සංක්‍රමණික සේවකයාටය.

නමුත් මෙහි සිටින යුසිෆ් හසාන් පවසන්නේ, තමාගේ ජීවිතය හා සංක්‍රමණික කම්කරුවාගේ ජීවිතය අතර ඇති බෙදීම පිළිබඳ පෙන්වා දීමට තමන්ට අවශ්‍ය බවයි.

ඔහු ජාතික ඇඳුමකින් සැරසී පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට යාමේදී බොහෝ දෙනෙක් වහාම ඔවුන්ගේ හඬ වෙනස් කර ” ඔබ ඇත්තටම මෙහි ද සේවය කරන්නේ” යැයි අසයි.

හසාන් තමන්ගේ ඇනවුම් ගැනීමට පැමිණීම ඇතැමෙක්ට ලජ්ජාවට කරුණකි.

කෙසේ නමුත් අපි සියලුම දෙනා මනුෂ්‍යයෝය. අපගේ රැකියාව, ජාතිය හෝ තත්වය නොසලකා ගෞරවය ලැබීමේ අයිතියක් අප සැමටම තිබේ.

 

මුලාශ්‍රය: දෝහා නිවුස්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435