‘අන්තර්ජාල අඳුරු යුගයක්’

පරිගණක මෘදුකාංග සහ දෘඩකාංග යල් පැන යාම නිසා දැනට අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට අති විශාල ප්‍රමාණයක් සදහටම අහිමි වී යා හැකි බව අන්තර්ජාල නිර්මාතෘවරයෙක් අනතුරු අඟවයි.

‘ඩිජිටල් අඳුරු යුගය’ ලෙසින් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදයකට ලෝකය ඇතුල් වෙමින් සිටින හෙයින් ඉදිරි පරම්පරාවට විසි එක් වන සියවසට අයත් වාර්තා කොහෙත්ම දකින්නට නොලැබෙන තත්වයක් උදා විය හැකි බවයි, ගූගල් අන්තර්ජාල සමාගමේ උප සභාපති වින්ට් ස’ර්ෆ් පවසන්නේ.

‘සැබවින්ම මම මේ පිළිබඳව විශාල කනස්සල්ලකින් ඉන්නේ.මේ තත්වය අපි දැනටමත් අත් විඳිනවා. නවීනතම මෘදුකාංග ඔස්සේ පැරැණි වාර්තා විවෘත කර ගන්න බැහැ. ඒවා නවීකරණය කර ගත හැකි බවට සීයට සීයක වගකීමක් නැහැ. කාලයක් තිස්සේ සංස්කරණය කර ඇති දේවල් අතුරුදහන් වෙන්න පුළුවන්’ වින්ට් ස’ර්ෆ් පවසයි.

සියලු මෘදුකාංග සහ දෘඩකාංග ඩිජිටල් ක්‍රමයකට සංරක්‍ෂණය කිරීම තුලින් පසු කාලීනව ඒවා පරිහරණය කිරීමේ හැකියාව ලබා ගත හැකි බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.

මුලාශ්‍රය: බී.බී.සී. සිංහල

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435