
මේ වනවිට නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2015 – 2015-02-11 රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් දීමනාව රුපියල් 5000 කින් වැඩිකර ගෙවීමට කටයුතු කර ඇත. කනගාටුවට කරුණ නම්, විශ්‍රාමිකයාට වැඩිකර ඇති රුපියල් 1000 ක දීමනාව ගෙවනු ලබන්නේ 2015 අප්‍රේල් මස සිට යෑයි සඳහන් කර ඇත. මෙය බලවත් අසාධාරණයකි. මේ හේතුවෙන් විශ්‍රාමිකයා මේ මොහොතේ අසහනකාරී තත්ත්වයකට හා කලකිරීමට පත්ව ඇත. 2006-01-01 ට පෙර විශ්‍රාම ලැබූවන් මේ වන විට වැටුප් විෂමතාවයනට ද ලක්ව පීඩා විඳිමින් සිටී.
“පොදු අපේක්ෂකයා” දින 100 වැඩසටහනේ අංක 04 යටතේ සඳහන් කර ඇත්තේ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත්කරනු ලබන තෙක් ඔවුන්ට රුපියල් 3500 ක මාසික අන්තර් දීමනාවක් ලබා දෙන බවය.
ජීවන බරින් පෙළෙන ලක්ෂ පහමාරක් පමණ වන රජයේ විශ්‍රාමික ප්‍රජාව මේ මොහොතේ අමතක කර කටයුතු කළහොත් විශ්‍රාමිකයා කලකිරීමට පත්වීම නොවැළැක්විය හැක්කකි.
එමනිසා, පෙබරවාරි මස සිටම වැඩිකළ සහනය විශ්‍රාමිකයාට ද ලබාදීමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිමු.
කේ. ජයසේන, ලේකම්, රාජ්‍ය සේවා ජාතික විශ්‍රාමිකයන්ගේ සංගමය – දිවයින
වැඩබිම