අගෝස්තු 1 දා සිට රටවල් 46කට ගාස්තු රහිත වීසා

අගෝස්තු පළමු වන දින සිට රටවල් 46කින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශකර තිබේ.

අමාත්‍යවරයා ප්‍රකාශකරන පරිදි මෙම තීරණය ගැනීමට මූලික හේතුව වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයින් පැමිණීම ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් බවයි.

ඒ අනුව එංගලන්තය, චීනය, ඉන්දියාව, රුසියාව, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලීපීනය, යන රටවල් වෙත මෙම ගාස්තු රහිත වීසා බලපත් ලබා දීම සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම, රටවල් වලින් පැමිණෙණ සංචාරකයින්ට ගුවන්තොටුපළේදීම ගාස්තු රහිත වීසා නිකුත් කිරීම කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් එය නියමු ව්‍යාපෘතියක් ලෙස මාස 06ක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

තවද මෙම සැලසුම් සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවටද පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියදපාස්කු ප්‍රහාරය නිසා තාවකාලිකව අත්හිටවු තායිලන්තය සිංගප්පූරුව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කාම්බෝජය සහ ජපානය යන තවත් රටවල් 36 කින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගාස්තු රහිතව ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීමද නැවත ආරම්භකිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435